White Board එක පසුපස තිබූ සැලසුම පිළිබඳව ඇෆ්ගනිස්තාන පුහුණුකරුගෙන් හෙළිදරව්වක්

ඇෆ්ගනිස්ථානයේ ඉවසිලිවන්ත හඹායාම වයිට් බෝඩ් එකක ලියා තිබූ සරල සැලැස්ම අනුගමනය කරන ආකාරය ඊයේ තරගය නැරඹූ ඔබට දැකගන්නට හැකිවිය. රූපවාහිනී කැමරා මගින් පන්දුවට පහර දීමේ සැලැස්මක් වයිට් බෝඩ් එකක ලියා තිබෙනු පෙන්වූ අතර එහි එක් එක් පන්දුවාර 10 සඳහා ඉලක්කගත ලකුණු සංඛ්‍යාවක් සටහන් කොට තිබුණි. වඩාත් සංකීර්ණ උපක්‍රම නොවුනත් එම ක්‍රමය පිළිබඳව පුහුණුකරු ජොනැතන් ට්‍රෝට් පළකොට ඇත්තේ මෙවන් අදහසකි

“මම හිතන්නේ මුලින්ම පන්දුවට පහර දෙන විට නම් එය ටිකක් වෙනස් වෙනවා. එය සන්නිවේදනයට යොදාගත් එකක්. ඉලක්ක වෙනස් වෙනවා මුලින් පන්දුවට පහර දෙද්දි.”

“නමුත් හඹා යන විට දි, එය ඩක්වර්ත් ලුවිස් අවස්ථාවක් හැරුනු කොට ඉලක්කය පැහැදිලිවම වෙනස් වෙන්නෙ නැ. එබැවින්, එය කුඩා ඉලක්ක වලට කැඩීම සම්බන්ධයෙන් තව ටිකක් අවධානය යොමු කළා. නමුත් පාකිස්තාන තරගය වගේ ලකුණු 280 හඹායාමට බිංදුවෙන් ආරම්භ කරද්දි දුරයි වගේ පේනවා. නමුත් එය කුඩා කොටස් වලට දැමුවහොත්, එය වඩාත් හොදින් කළමනාකරණය කළ හැකි බව පේනවා.”

“මේ වගේ පොඩි දේවල් කරන්නේ ක්‍රීඩකයන්ව දිරිගන්වන්න, වගේම අපි යායුතු තැන කොතනද කියලා ඔවුන්ව ටච් එකේ තියාගන්න. ඔබ නිවැරදි මාර්ගයේ සිටින බව ඔබ දන්නවා නම්, එය ඔබට හොඳ හැඟීමක් ඇතිකරනවා. මුලින්ම පන්දුවට පහර දෙනකොට එවැනි සීමා දාන්න අපි කැමති නෑ.”

Back To Top