චාමික ගුණසේකරගේ වේගපන්දුව බංග්ලාදේශ නැගී එන පිතිකරුවන් අසරණ කරයි

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා.

නමුත් අද දිනයේදී අඳුරු ආලෝකය හේතුවෙන් නියමිත පන්දුවාර ගණන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඒ අනුව ක්‍රියාත්මක කළ පන්දුවාර 47 තුළ දී බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153ක් පමණි.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කළ අක්බාර් අලි පන්දු 91කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 62ක් ලබාගෙන සිටියි. බංග්ලාදේශ ඉනීමේ කඩුලු 6ම දවාගැනීමට සමත් වූයේ වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරයි. ඔහු පන්දුවාර 11කදී නිළකුණු පන්දුවාර 3ක්ද සමගින් ලකුණු 27ට එම කඩුලු 6ම දවාගැනීමට සමත් විය.

Back To Top