Wankhede ක්‍රීඩාංගණය මට විශේෂයි – ඉන්දීය නායක රොහිත් ෂර්මා

බ්‍රහස්පතින්දා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන ගැටුමට පෙර, ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවසුවේ එය තමාට විශේෂ ස්ථානයක් බවයි. ICC සමග පැවති සාකච්ඡාවදී රෝහිත් ෂර්මා වන්කඩේ ක්‍රීඩාංගනය සමඟ ඇති ඔහුගේ චිත්තවේගීය සම්බන්ධතාවය පිළිබඳව සදහන් කොට ඇත.

වන්කඩේ මට විශේෂ ස්ථානයක්, මගේ හොඳම ස්ථානය තමයි මේක. මම අද ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඉන්නේ මම ලබපු ඉගෙනීම සහ ඒ සියල්ල වන්කඩේ වලදී සිදුවුණු නිසා. එබැවින් කිසිවකට එය අභිබවා යන්න බෑ. මුම්බායි ප්‍රේක්ෂකයන් ඔවුන්ගේ ක්‍රිකට් වලට ආදරෙයි. ඔබට වන්කඩේ ක්‍රීඩාංගනයේ ඝෝෂාව දැක ගන්න පුලුවන් වෙයි. ඒක පිස්සුවක්.”

එමෙන්ම 2023 ICC ලෝක කුසලාන තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා මුම්බායි සහ දිල්ලි වලදී ආලෝක සංදර්ශන සහ ගිනිකෙළි ප්‍රදර්ශනය නොකරන බව BCCI ලේකම් ජේ ෂා තහවුරු කර ඇත්තේ රට තුළ ඉහළ යන පරිසර දූෂණ මට්ටම හේතුවෙනි.

දීපවාලි උත්සව සමය ආරම්භයේදී වායු තත්ත්ව දර්ශකය ඉහළ යාම හේතුවෙන් ජේ ෂා ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට පැවසුවේ එළඹෙන ඉන්දු ශ්‍රී ලංකා තරගයේදී කිසිදු ගිනිකෙළි හෝ ආලෝක සංදර්ශන ඇති නොකරන බවයි.

Back To Top