බංග්ලාදේශ ඉනීමේ කඩුලු 10න් 9ක්ම චාමික ගුණසේකරගේ නමට ලියැවෙයි.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය දෙවන දිනටත් අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඊයේ දිනයේදී තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා.

ඒ අනුව අද දිනයට තරගය ආරම්භ කරන විට බංග්ලාදේශ ඉනීම පන්දුවාර 47 තුළ දී කඩුලු 6ක් දැවී ලකුණු 153ක් ලෙසින් දිස්විය. බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අද දිනය තුළදී තවත් ලකුණු 98ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 251ක් පමණි. එහිදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අක්බාර් අලි පන්දු 202කදී හතරේ පහර 14 හ හයේ පහර 2ක් සමගින් ලකුණු 129ක් රැස්කිරීමට සමත් විය. රකිබුල් හසන් ලකුණු 39ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චාමික ගුණසේකර පන්දුවාර 19 පන්දු 5කදී නිළකුණු පන්දුවාර 5ක්ද සමගින් ලකුණු 58ට ප්‍රතිවාදී කඩුලු 9ක්ම දවාගැනීමට සමත් විය. අනෙක් කඩුල්ල චමිදු වික්‍රමසිංහ විසින් දවාගත්තේය.

පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද දිනය අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 81ක් රැස්කිරීමට සමත් විය. එහිදී නායක අහන් වික්‍රමසිංහ පන්දු 39කදී හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 35ක් රැස්කළ අතර නවෝද් පරණවිතාන ලකුණු 22ක් රැස්කළේය.

Back To Top