Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හා තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතුයි – ක්‍රීඩා ඇමති

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පරාජයේ වගකීම තේරීම් කමිටුව හා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බවද ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත. ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නිකුත් කළ නිවේදනයක ඒ බව සටහන් කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේවන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බවත් කිසිදු ක්‍රිකට් ක්‍රීඩකයෙකු අධෛරමත් නොකර ඔවුන්ට  සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර, ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතු බව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත.

මෙම පරාජයන්හි වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට හට පැවරිය නොහැකි බවත්, එහි වගකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතුව බවත් අමාත්‍යවරයාගේ මතය යි. 

ICCය වෙතින් අප රටට මුදල් ලැබෙනුයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යත්තර තරගාවලි සඳහා සහභාගී වීම්, මාධ්‍ය විකාශණ අයිතීන්, ජාත්‍යතර තරගාවලි සදහා සත්කාරකත්වය ලබා දීම්, ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩකයින්ගේ යටිතල පහසුකම් සංවර්ධනය යන කරුණු පදනම් කරගනිමින් උවත්, ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන් මත අප රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතය සිදු කරනුයේ ක්‍රීඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම්වත් ලබා නොදෙන බවද ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත.
 
විශේෂයෙන්ම අනෙකුත් සෑම රටක්ම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අති නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම හා මෙවලම් භාවිතා කළ ද, අප රටෙහි එය සිදු නොවීම මත ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වාදී ඇත.

වර්ෂා දිනයන්හි පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමට ගෘහස්ථ ක්‍රීඩාගාරයක් හෝ නොමැති බව එම නිවේදනයේ දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා මෙලෙසින් සදහන් කොට ඇත. ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවයට හා පුහුණු අංගයන් අතර අත්‍යවශ්‍ය අංගයන් වන පිහිණුම් තටාකයක් ද මේවන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිවී නොමැති බව ක්‍රීඩා ඇමතිවරයා සදහන් කොට ඇත.

මීට පෙර 2018 සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව නැවත තහවුරු කරන ලද අතර, එම ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොමැති බව අමාත්‍යවරයා පැවසීය. ඕස්ට්‍රේලියානු T20 ලෝක ක්‍රසලාන තරගාවලි සංචාරයේ දී සිදු වූ දූෂණය ද, LPL තරගාවලියෙන් කිසිදු මුදලක් රටට නොලැබී අත යට සිදුවූ ගණුදෙනු පිළිබව ද සියලු දෙනා දන්නා කරුණක් බවත්ලෝ ක කුසලාන තරගාවලිය වැනි පොදු අභිලාෂයන් පසෙකට විසිකර,  එම තරගාවලිය පේන මානයේ තිබිය දී LPL තරග කිරීම ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවට, උපදේශකවරුන් හා  තේරීම් කමිටුවට  නොපෙනීම සැබවින්ම ගැටළු සහගත බවට ඔහු චෝදනා කොට ඇත. උපදේශක කමිටුව හා තාක්ෂණික කමිටුව LPL තරගාවලිය පැවැත්වීම සදහා එකග වූයේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්ණ කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂයන් මත ගත් තීරණ ලෝක කුසලාන තරගාවලිය මෙලෙස පරාජය වීමට හේතු වූ බව පෙන්වාදෙන අමාත්‍යවරයා,  LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වන ලංකාවේ ප්‍රධානතම දග පන්දු යවන්නා වන වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලියම අහිමිවීම, අනෙක් දග පන්දු යවන්නා වන  මහීෂ් තීක්ෂණ,  වේග පන්දු යවන දුෂ්මන්ත චමීර , මතීෂ පතිරණ, ලහිරු කුමාර වැනි දක්ෂ ක්‍රීඩකයින් ආබාධයට ලක් වීම  ලෝක කුසලාන තරගාවලියකට කණ්ඩායමක් ලෙස තරග කිරීමට සුදුසු තත්ත්වයක් නොමැතිවීම මෙවැනි තරගාවලි පරාජයන්ට  සෘජුව බලපෑ බව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත.

තවද පුද්ගලික පලිගැනීම් සහ නොසලකා හැරීම් මත, රට දෙවෙනි කොට ඇංජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ හා පලපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුලු නොකිරීම ද මෙම පරාජයන්ට තවත් හේතුවක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබයි.  මෙවන් පසුබිමක් තුළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තම ක්‍රිකට් ආයතනයෙන් තෝරා යැවූ ක්‍රීඩකයින් දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානීන් ඉල්ලා අස්වීම වගකීම් භාරගැනීම් සබැඳිව කදිම උදාහරණයක් බව එම ලිපියේ වැඩිදුරටත් සදහන් කොට ඇත.

ලෝක ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලදාරීන්ට  තව දුරටත් බලයේ රැදී සිටිමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්ණ කෙරෙන අතර, තරගාවලි පරාජයේ වගකීම භාරගෙන ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බව අමාත්‍යවරයාගේ ස්ථාවරයයි. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු මෙම දූෂිත ක්‍රිකට් විධායක කමිටුව හා තේරීම් කමිටුව සාධාරණීයකරණය කරමින් ප්‍රකාශ ලබා දීම හාස්‍යයට මෙන්ම විමතියට කරුණක් බවද එම ලිපියේ සදහන් කොට ඇත.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයෙන් සිටින බව අවධාරණය කරන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, මේ මොහොතේ ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායමක් අප සතුව තිබියදී , ඔවුන්ට අත්‍යාවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබා නොදී, ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් මෙහි විධායක කමිටුව විසින් තම පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදවා ගැනීම ඛේදනීය තත්ත්වයක් බවත්, සමස්ථ ක්‍රීඩාවට හා ක්‍රීඩා ලෝලීන් පිළිබඳව සිතා සුදුස්සාට සුදුසු තැන දී  ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් නොවි බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස අවධාරනය කරන බව වැඩිදුරටත් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර සිටී.

Back To Top