පන්දුවට පහරදීමටත් පෙර ඇන්ජිලෝ දැවීගියේ ඇයි ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ Timed Out ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වන්නට ඇන්ජිලෝ මැතිව්ස්ට අද දිනයේදී සිදු වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන ලෝක කුසලාන තරගය අතරතුරයි.

මෙම තරගයේදී සදීර සමරවික්‍රම දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසෙන ඇන්ජිලෝ මැතිව්ස් රැගෙන ආ හිස්වැසුමක් දෝෂ සහිත වූ අතර එය වෙනස් කිරීමට අවශ්‍ය වූ නිසාවෙන් කිසිදු පන්දුවකට මුහුණ නොදී එය මාරු කිරීමට යම් කාලයක් ගනු දක්නට ලැබුණි. එහිදී ශකිබ් අල් හසන් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු බවට විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ අතර එහිදී ඇන්ජිලෝ දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසින් සලකුණු කෙරිණි. ඔහුගේ දැවීයාමට අදාළ MCC නීතිය පහත පරිදිය

MCC නීතිවලට අනුව, පහත සඳහන් තත්වයන් යටතේ දී පිතිකරුවෙකු Timed Out ආකාරයට දැවී ගිය බව සලකනු ලැබේ

Law 40.1.1
කඩුල්ලක් බිඳ වැටීමෙන් හෝ පිතිකරුවෙකු ඉවත් වීමෙන් පසුව, පැමිණෙන පිතිකරුවා හෝ අනෙක් අන්තයේ රැදී සිටින පිතිකරුවා(ඔහු පිතිකරණ අන්තයේ පන්දුවට පදර දීමට සිටීනම්) මිනිත්තු දෙකක කාල සීමාවක් ඇතුළත මීළග පන්දුවට මුහුණදීමට සූදානම් විය යුතුය. එම අවශ්‍යතාවය සපුරාලීමට අපොහොසත් වුවහොත් එම පිතිකරුවා දැවී ගිය පිතිකරුවෙක් ලෙසින් සලකයි. නමුත් එම කඩුල්ල පන්දු යවන්නාට හිමි නොවේ.

Back To Top