මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය තමා සතු කරගන්නට ශ්රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා අද දිනයේදී සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ප්රවේගකාරී ඉනීමක් දියත් කරමිනි.
කුසල් පෙරේරා අද දිනයේදී සිය අර්ධ ශතකය පන්දු 22කදී වාර්තා කිරීමට සමත් විය. නමුත් ඔහුගේ ඉනීම ලකුණු 51කදී නිමා කරන්නට ලොකී ෆර්ගසන්ට හැකි විය. කුසල් පෙරේරා අර්ධ ශතකය වාර්තා කළේ හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමගිනි. මින් පෙර මෙවර ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම අර්ධ ශතක ලාභීන් වූයේ නවසීලන්තයට එරෙහිව පන්දු 25කින් අර්ධ ශතකය වාර්තා කළ ට්රැවිස් හෙඩ් හා දකුණු අප්රිකාවට එරෙහිව පන්දු 25කින් අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් ය.