ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලාන සත්කාරක අහිමි වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට රැගෙන යාමට තීරණය කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් ICC මණ්ඩලය විසින් මෙම තීරණය Cricbuzz වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
19න් පහළ ලෝක කුසලානය ජනවාරි 14 සිට පෙබරවාරි 15 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි. එම දිනයන් ජනවාරි 10 සිට පෙබරවාරි 10 දක්වා පැවැත්වෙන SA20 තරගාවලිය සමග ඝට්ටනය වෙයි. නමුත් ස්වාධීන ආයතනයක් විසින් T20 ලීගය ස්වයංක්‍රීයව අධීක්ෂණය කරනු ලබන බැවින් ඉසව් දෙකම එකවර සංවිධානය කළ හැකිය බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රධානියෙකු Cricbuzz වෙබ් අඩවිය වෙත සදහන් කොට ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම තවදුරටත් බලපැවැත්වෙනු ඇති බව ද එම වාර්තා සදහන් කොට ඇත “අත්හිටුවීම ඉවත් කළ නොහැකි බව මණ්ඩලයේ ඒකමතික තීරණයක්. රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව සාමාන්‍ය පරිදි දිගටම පවතිනු ඇතැයි” මූලාශ්‍රයක් උපුටා දක්වමින් Cricbuzz වාර්තා සදහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සම්මි සිල්වා නොවැම්බර් 21 අඟහරුවාදා අහමදාබාද්හි පැවති අධ්යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇත.