නැවතත් අපි ආදරේ කරන ක්‍රිකට් ලංකාවට ගේන්න ඕනා – ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය හමුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය. ඉන් අනතුරුව පුරප්පාඩු වූ ක්‍රීඩා ඇමති ධූරයට හරීන් ප්‍රනාන්දු මහතා පත් කළ අතර ඔහු එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

“මේ වගකීම මේ වෙලාවේ ඉතාමත් වැදගත් වගකීමක් බවට පත් වෙනවා. මොකද මේ වෙලාවේ ක්‍රීඩාවට අපි සියලුමදෙනා ආදරය කරන තැනක්. ඒ වගේම මේ නීති වෙනස් කිරීමේදී අනුගමන කරන්න ඕනේ ක්‍රියා පිළිවෙතන් කිහිපයක් තිබෙනවා. මම හිතනවා මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මම කැමතී අර්ජුන රණතුංග මහතාත්,ඇත්ත වශයෙන්ම සියලුදෙනා එක්ක එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිඳු කරන්න. එහෙමත් නැතිනම් මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලංකාවට ගේන්න උත්සහ කරන්නට ඕනේ.”

“ඒ වගේම ICC තහනම ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත මේක අපි නැවත් වතවත් හරවාගෙන ක්‍රිකට් ක්‍රීඩාව, 19න් පහළ ලෝක කුසලානයට යන ක්‍රීඩකයන්ට, පුලුවන් නං නැවත වතාවක් මේක ගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නොවුනත් 19න් පහළ ක්‍රීඩකයන්ට මෙම තරගාවලියෙන් විශාල පන්නරයක් ලබා දෙන්නටත් ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව තුළ තිබෙන්නා වූ මේ අර්බුද, නොවිශ්වාස ගතිගුණ මේ සියලු දේ අත් හැරලා නැවතත් අපි ආදරේ කරන ක්‍රිකට් ලංකාවට ගේන්න ඕනා. මම විශ්වාස කරනවා සියලු දෙනා උදව් කරයි කියලා ක්‍රීඩාව ලංකාවේ ප්‍රධාන තැනකට ගේන්න පුලුවන් ශක්තිය ලැබෙයි කියලා විස්වාස කරනවා. ඒවගේම අනිවාර්යයෙන් විනයානුකූල පියවර ගන්නවා යම්කිසි දූෂණයක් සිදුවෙලා තියෙනවා නම්. සූදු කරන අයට ක්‍රීඩාවට එන්න නැති කළේ අපේ කාලය තුළ.”

Back To Top