ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය මහතා පූර්ණ කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක වරයෙකු ලෙසින් පත් කිරීමට නියමිත බවට වාර්තා පළ වී ඇත. ඒ අනුව සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණු උපදේශක ලෙසින් කටයුතු කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා කොට ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ දී ක්‍රීඩකයන් පුහුණු කිරීම වෙනුවෙන් සනත් ජයසූරිය සමගින් ජෙරම් ජයරත්න ද එක්වීමට නියමිත බවට Sunday times වාර්තා කොට ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස උපුල් තරංග පත් කිරීමට නව ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළේය. තව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් එළඹෙන අප්‍රේල් මාසය තෙක් එනම් ඔහුගේ ධූර කාලය අවසන් වන තෙක් සිය තනතුරේ කටයුතු කිරීමට නියමිත ය. සෙසු පුහුණුකරු ධූරයන් ඉදිරියේ දී වෙනස් වීමට නියමිත බව ද Sunday times වාර්තා වල සදහන් වී ඇත.