පුහුණු උපදේශකවරුන් දෙදෙනකු ඇයි ? දෙදෙනාගේ කාර්‍යභාරයන් පිළිබඳව SLC පැහැදිලි කරයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරුන් ලෙස කටයුතු කරන නමුත් ඔවුන් දෙදෙනාට වෙනස් කාර්‍යභාරයන් පැවරී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න සදහන් කොට ඇත.

මෙරට රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු සදහන් කොට සිටියේ ජාතික කණ්ඩායම්වල දක්ෂතා පිළිබඳව සාකච්ඡා කිරීම සහ උපායමාර්ග නිර්මාණය කිරීමේ කාර්‍යභාරය මහේල ජයවර්ධනට පැවරී ඇති බවයි.

කනිෂ්ඨ මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරණය කිරීම සනත් ජයසූරියට පැවරී ඇති බවයි ක්‍රීඩකයන්ගේ ආබාධ, මානසික සූදානම සහ යෝග්‍යතාවයට අදාළ උපාය මාර්ග යනාදිය ජයසූරිය වෙත පැවරී ඇති කාර්‍යභාරයන්ට ඇතුළත් වන අතර ඒවා ඉහළ කාර්ය සාධන ඒකකයෙන් සිදු කෙරේ. පුහුණුකරුවන් සමඟ එක්ව ක්‍රිකට් ක්‍රීඩකයින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිරියට ගෙන ඒම ද සනත් ජයසූරිය විසින් ඉටු කරනු ඇත

Back To Top