IPL තරගාවලිය මාර්තු 22ක සිට පුරා මාස 2ක් මුලුල්ලේ පැවැත්වෙන ලකුණු?

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීළග තරග වාරය පැවැත්වෙන දින වකවානුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව මීළග IPL තරගාවලිය එළඹෙන වසරේ මාර්තු 22 සිට මැයි 31 දක්වා පැවැත්වීමට තීරණය වී ඇති බව එම වාර්තා වල සදහන් වී ඇත.

Cricbuzz වෙබ් අඩවියට අනුව, රටවල් හයක ක්‍රීඩකයන් ලීගයට පූර්ණ වශයෙන්ම සහභාගී වන බවට තහවුරු කර ඇත. ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ ක්‍රීඩකයන් මෙලෙසින් IPL තරගාවලිය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම සහභාගි වන බවට එම වාර්තා වල සදහන්ය.

මැයි පළමු සතියේදී ලීගයට එක්වීමට නියමිත ජෝෂ් හේසල්වුඩ් හැර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් IPL 2024 සඳහා සම්පූර්ණයෙන්ම ලබා ගත හැකිය. මාර්තු 21 සිට මාර්තු 25 දක්වා ෂෙෆීල්ඩ් අවසන් මහා තරගය පැවැත්වෙන බැවින් සමහර විට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට IPL ආරම්භක තරග මග හැරෙනු ඇත.

එංගලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අයර්ලන්තය ඔවුන්ගේ ක්‍රීඩකයින්ට කොන්දේසි සහිත අනුමැතිය ලබා දී ඇත. එංගලන්ත ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඔවුන්ගේ ජාත්‍යන්තර කාලසටහන මත රඳා පවතී. බංග්ලාදේශය සහ අයර්ලන්තය මුෂ්ටෆිසර් රහ්මාන්ට මාර්තු 22 සිට මැයි 11 දක්වාත් සහ ජෝෂුවා ලිට්ල්ට සම්පූර්ණ සහභාගීත්වය වෙනුවෙන් ද අවසර ලබා දී ඇත.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා ක්‍රීඩා කරයි. කෙසේ වෙතත්, මහේෂ් තීක්ෂණ, වනිඳු හසරංග, මතීෂ පතිරණ, සහ දුෂ්මන්ත චමීර වැනි ටෙස්ට් තරග ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින් IPL තරගාවලිය සඳහා සම්පූර්ණයෙන්ම ලබා ගත හැකිය.

Back To Top