හර්දික්ට ඇෆ්ගනිස්තාන තරගාවලිය හා IPL තරගාවලිය අහිමි වන ලකුණු

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් වෙත නැවත පැමිණීමෙන් පසුගිය දිනවල පුවත් සිරස්තල මැවූ හර්දික් පාණ්ඩ්‍යා තරඟාවලියට සහභාගී වීම සැක සහිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟයේදී පාණ්ඩ්‍යාට වළලුකර ආබාධයක් ඇති වූ අතර, NDTV ඇතුළු බොහෝ සුප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කර ඇත්තේ 2024 T20 ලෝක කුසලානය වෙනුවෙන් යෝග්‍යතාවයෙන් සිටීමට නම් ඔහුට දිගු විවේකයක් අවශ්‍ය බවටයි.

පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියට පෙරාතුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස පාණ්ඩ්‍යා නම් කරනු ලැබීය. පාණ්ඩ්‍යා 2022 තරගවාරය වෙනුවෙන් පෙර මුදා හැරීමට පෙර මුම්බායි කණ්ඩායම සදහා තරග වාර හතක් ක්‍රීඩා කර ඇත. ගුජරාට් ටයිටන්ස් හා එක්වීමෙන් පසු, පාණ්ඩ්‍යා ඔවුන්ගේ මංගල තරග වාරයේදීම කුසලානය දිනා ගැනීමට සමත් විය.

හර්දික්ට දකුණු අප්‍රිකානු සංචාරයේ මෑතකදී අවසන් වූ විස්සයි විස්ස තරගාවලිය මෙන්ම ඕස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස් තරඟාවලියද අහිමි විය. 30 හැවිරිදි හර්දික්ට ජනවාරි මාසයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය සහ ඉදිරි IPL වාරය ද අහිමි වීමට නියමිත බැවින් හර්දික් නැවත ක්‍රිකට් පිටියට පැමිණීම දිගු ප්‍රමාදයක් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

හර්දික්ගේ ශාරීරික යෝග්‍යතා තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමක් දැනට නොමැති අතර IPL තරගාවලිය වෙනුවෙන් ඔහුව ලබා ගත හැකි ද යන්න විශාල ප්‍රශ්නාර්ථයක් පවතින බව BCCI මූලාශ්‍රයක් පැවසීය.

Back To Top