වනිදු අද තරගයට ක්‍රීඩා කරන ලකුණු ?

ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව තොරතුරු වාර්තා වී ඇත.

වනිදුගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් මට්ටමක පවතින බැවින් අද තරග වෙනුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට හැකි බවට වෛද්‍ය මණ්ඩලය තහවුරු කොට ඇතැයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග තහවුරු කොට ඇත.

වනිදු හසරංග අද තරගය වෙනුවෙන් ක්‍රීඩා කළහොත් ජෙෆ්‍රි වැන්ඩසේ වෙනුවට ඔහු අවසන් ක්‍රීඩකයන් 11 අතරට ඇතුළත් වනු ඇත.

Back To Top