බංග්ලාදේශ තරගයේදී අංශ 3න්ම හොදින් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව සූදානමින් – ඇන්ජලෝ මැතිව්ස්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගය සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට නියමිතයි. තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් Ceylon Sports වෙත මෙසේ අදහස් දැක්වීය.

” අනිවාර්යයෙන්ම ඉතාමත් තීරණාත්මක තරගයක්. දකුණු අප්‍රිකාවත් එක්ක අපි හොදින් ක්‍රීඩා කළේ නෑ. අවාසනාවකට අපි පරාජය වුණා. ඉදිරි තරග 3ම තීරණාත්මක තරග 3ක්. ඊළඟ වටයට සුදුසුකම් ලබන්න මීළඟ තරග 3ම දිනන්න ඕනා. ඊළඟ තරගය තමයි අපිට වැදගත්ම වෙන්නේ. බංග්ලාදේශය හොද කණ්ඩායමක්.අපි සියලු වෙර දරලා ක්‍රීඩා කරන්න ඕනි මේ තරගය ජයග්‍රහණය කරන්න”

“අපිට හම්බුන අවසාන දවස් 4,5 ඉතාම දුෂ්කර, අභියෝගාත්මක දවස් වුණා. ෆ්ලයිට් එක පැය ගානක් පරක්කු වෙලා, ඊට පස්සේ පුහුණු සැසිය අවලංගු කරන්න වුණා ගමන් මහන්සියත් එක්ක. අපි උදේ පාන්දර තමයි නිව්යෝර්ක් වලට ආවේ. නමුත් ඒක නිදහසට කරුණක් කරගන්න කැමති නැ. අපි බාධක මැද්දේ ජයග්‍රහණය කරපු කණ්ඩායමක්.මෙහෙ පුහුණුවීම් පහසුකම් හොද නෑ. අපේ පිතිකරුවන්ට බැට් කරන්නත් බැරි උනා. ඒ දේවල් නිදහසට කරුණක් නෙවේ.”

” අපි දැක්ක විදියට හොදට තිබ්බා නිව්යෝර්ක් තණතිල්ල. මොකද අලුත් තණතිල්ලක ක්‍රීඩා කළත් ඊට කලින් දවසේ වැස්සා මං හිතන්නේ. නැත්තං උදේ පාන්දර වැස්සා. නමුත් ක්‍රීඩාංගණයට යනකොට වතුර බිංදුවක් වත් රැදිලා තිබුණේ නෑ. අපි ලකුණු 120-130ක් ලබාගත්තා නං මං හිතන්නේ හොද තරගයක් දෙන්න තිබ්බා.පන්දු යවන්නන් හා පන්දු රකින්නන් ඒ තරගයේදී හොදට කරා.මේ තරගයේදී අපි අංශ 3න්ම හොදට කළ යුතුයි.”

” බංග්ලාදේශ තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ඉතාමත් හොදයි. මං හිතන්නේ අරහේ වැලි ස්වභාවයෙන් යුතු ක්‍රීඩාංගණයක් තිබුණේ. නමුත් මේකේ පන්දුව ඉක්මනින් ක්‍රීඩාංගණයේ යයි කියලා හිතෙනවා. තණතීරුවත් හොද වෙයි කියලා විශ්වාස කරනවා. මීළඟ වටයට සුදුසුකම් ලබන එක තමයි අපේ බලාපොරොත්තුව. මේ තරගාවලියේ දී කිසිම කණ්ඩායමක් සැහල්ලුවට ලක් කරන්න බෑ. මීළඟ වටයට සුදුසුකම් ලබන එක තමයි අපේ මූලික බලාපොරොත්තුව”

Back To Top