Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

සාන්ත පීතර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව දැවැන්ත ජයක් ලබයි.

අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්විණි. එම තරග අඅතුරින් කැපී පෙනෙන තරගය බවට පත් වූයේ සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයයි. මෙම තරගයේදී ලකුණු 112-0ක් ලෙසින් අති විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

ඔවුන් මෙම තරගයේ පළමු අර්ධය තුළදී උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්ථන 5ක් සමගින් ලකුණු 55-0ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට සමත් විය. දෙවන අර්ධය තුළදී තවත් උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්ථන 6ක් සාර්ථක කරගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය රග්බි ක්‍රීඩකයන් සමත් විය.

ඊයේ දිනයේ දී පැවති තරග අතුරින් මහනුවර සුමංගල විද්‍යාලයට එරෙහිව ලකුණු 50-3ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. මහනුවර සාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 27-14ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායමට හැකිවිය.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 60-5ක් ලෙසින් පරාජයට පත් කරන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වද්දී ලකුණු 44-12ක් ලෙසින් මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජයට පත් කරන්නට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත් විය. තවද ඊයේ දිනයේ දී පැවති තරග අතුරින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 31-8ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වූ අතර සහිරා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 14-21ක් ලෙසින් ජයග්‍රහණය ලබන්නට වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයන්ට හැකිවිය.

Back To Top