නවසීලන්ත ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලියට දින නියම වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි වල කාලසටහන් අද දිනයේදී ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායම තරග 2කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සහ තරග 3කින් යුතු එක්දින තරගාවලියක් වෙනුවෙන් එළඹෙන නොවැම්බර් මස මෙරටට පැමිණීමට නියමිතයි.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරග දෙක සහ පළමුව එක්දින තරඟය දඹුල්ලේදීද දෙවන හා තෙවන එක්දින තරග පල්ලෙකැලේ හිදි ද පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලිය
පළමු තරගය – නොවැම්බර් 9
දෙවන තරගය – නොවැම්බර් 10

එක්දින තරගාවලිය
පළමු තරගය – නොවැම්බර් 13
දෙවන තරගය – නොවැම්බර් 17
තෙවන තරගය – නොවැම්බර් 19

නවසීලන්ත සංචාරයට අදාළ තොරතුරු සහ අනෙකුත් ක්‍රීඩා පුවත් දැනගන්න රැදීසිටින්න Ceylon Sports සමගින්.

Back To Top