Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ජාතික දොරට තට්ටු කරන පියුමි වත්සලා

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් බොහෝ දෙනා තුළ ජනිත වී තිබෙන බව නොරහසක්. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගැනීම සදහා ලබා දෙනු ලබන්නේ විශේෂ අවධානයක්.

අන්තර් සමාජ පන්දුවාර 50 කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලියද එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන තරගාවලියක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මග වැඩසටහන යටතේ වන මෙම තරගාවලි හරහා ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ගැනීම දැන් අපහසු කරුණක් නොවෙයි. අන්න ඒ වගේ මුණ ගැසුණු ක්‍රීඩිකාවක් තමයි පියුමි වත්සලා කියන්නේ. පියුමි ක්‍රීඩා කරන්නේ පානදුර කාන්තා ක්‍රිකට් සමාජයට. ඇය මෙවර තරගාවලියේ පළමු ශතක ලාභිණිය බවට පත්වෙමින් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටිනවා. ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව ඇය එම ශතකය වාර්තා කිරීමට සමත් වුණේ නොවැම්බර් 27 වැනිදා. ඉතිං මේ ඇය වාර්තා කරන ලද පළමු ශතකය නොවන අතර ගිය වසරෙදිත් ඇය විසින් ශතකයක් වාර්තා කිරීමට සමත් වූවාය.

https://fb.watch/vw1nLbx5IR

Back To Top