ධනංජය ඇතුලු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රභලයන් කිහිපදෙනෙකු දකුණු අප්‍රිකාවට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි.

මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු අද දිනයේදී දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට නියමිතය.

මෙම ක්‍රීඩකයන් අතරට ටෙස්ට් නායක ධනංජය සිල්වා සහ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස් ඇතුළත් ය. ප්‍රභාත් ජයසූරිය, ලහිරු කුමාර, කසුන් රාජිත, සහ මිලාන් රත්නායක, නිෂාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයන් ද අද දිනයේදී දකුණු අප්‍රිකාව බලා ගමන් කිරීමට නියමිතය.

Back To Top