ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයින් 19

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයින් 19 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබෙනවා. ඔවුන් අතරින් වැඩිම වටිනාකමක් හිමිවී ඇත්තේ, වනිදු හසරංගට සහ මහීෂ් තීක්‍ෂණටයි. 18 වැනි වරට පැවැත්වෙන අයි පී එල් ක්‍රිකට් තරගාවලිය, ලබන වසරේ මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර කණ්ඩායම් 10 ක් තරගාවලියට සහභාගී වනවා. මෙහි ක්‍රීඩක වෙන්දේසිය ලබන 24 සහ 25 දෙදින සෞදි ආරබියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ක්‍රීඩකයින් 574 දෙනෙකුගේ නම් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂිතයි. ඉන්, 366 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, 208 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින්.

වනිදු හසරංග සහ මහීෂ් තීක්‍ෂණ වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන්නේ, ඉන්දීය රුපියල් ලක්ෂ 200 ක මුදලකටයි. ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකට, තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර, මෙරට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඊට ඉදිරිපත් කර ඇත්තේ, ඉන්දීය රුපියල් ලක්ෂ 30 කටයි.

Back To Top