අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට හලාවත මේරියන්ස් ක්රීඩා සමාජය අද දිනයේදී සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී යුධ හමුදා ක්රීඩා සමාජය පරාජයට පත් කරමින්.
කොළඹ කෝල්ට්ස් ක්රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගය ප්රමාද වී ආරම්භ වූ නිසාවෙන් පන්දුවාර 49කට සීමා වුණා. තරගයේ කාසිය වාසිය දිනූ යුධ හමුදා ක්රීඩිකාවන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.
හලාවත මේරියන්ස් ක්රීඩිකාවන් පන්දුවාර 49 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 205ක් රැස්කිරීමට සමත් වුණා. එහිදී නායිකා කවීෂා දිල්හාරි පන්දු 96කදී හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 80ක් රැස්කිරීමට සමත් වුණා.
ඇයට අගනා සහයක් ලබාදුන් ඉමේෂා දුලානි පන්දු 115ක් තුළ හතරේ පහර 6ක් සමගින් ලකුණු 71ක් රැස්කළා. පන්දු යැවීමේදී අචිනි ලොකුසූරිය ලකුණු 37කට කඩුලු 5ක් බිදහෙලන්නට සමත් වුණා.
ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන යුධ හමුදා ක්රීඩිකාවන්ට පන්දුවාර 39ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115ක් පමණයි. එහිදී අනුෂ්කා සංජීවනී සහ නිලක්ෂි සිල්වා ලකුණු 35 බැගින් රැස්කළා.
පන්දු යැවීමේදී හලාවත මේරියන්ස් ක්රීඩා සමාජය වෙනුවෙන් සදුනි නිසංසලා ලකුණු 7කට කඩුලු 4ක් ද සුලේෂා සත්සරණි ලකුණු 30ට කඩුලු 3ක් සහ සචිනි නිසංසලා ලකුණු 32කට කඩුලු 2ක් බිදහෙලුවා. අවසන් මහා තරගයේ වීරවරිය ලෙසින් කවීෂා දිල්හාරි සම්මානයට පාත්ර වුණා.
Champions – Chilaw SC Women
Runner up – Army SC Women
Player of the Tournament : Nilakshika Silva – Army SC Women
Best Batsman : Harshitha Samarawickrama – Navy SC Women
Best Bowler : Rashmi Silva – Navy SC Women