චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඊයේ නිමාවට පත්වුණේ ක්‍රිකට් වාර්තා රැසක් අලූත් කරමින්.
තරගය පැවැත්වුණේ පකිස්තානයේ ලාහෝර්හිදී.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර පනහ ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 351 ක් රැස් කලා.
බෙන් ඩකට් ලකුණු 165 යි.චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙය වාර්තා වන්නේ.
එංගලන්තය චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වාර්තා කල වැඩිම ලකුණු සංඛ්‍යාව එයයි.
පිලිතුරු ලෙස ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ පන්දු වාර 47.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 356 ක් රැස් කරමින්.
ජොශ් ඉන්ග්ලිස් නොදැවී ලකුණු 120 යි. මෙතෙක් ඉතිහාසයේ අයි සී සී එක්දින ක්‍රිකට් තරගාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජය ගත් තරගහ් ලෙසයි මෙය ඉතිහාසයට එක් වුණේ.