“ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20” ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දිය කණ්ඩායම සමත්වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කරමින්.
තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ රායිපූර්හි දී. කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව, ඉන්දියාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 220 ක්. යුවරාජ් සිං ලකුණු යි.
සචින්ටන් දුල්කාර් ලකුණු 42 යි. පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක සේවියර් ඩෝර්ටි සහ ඩැනියෙල් ක්‍රිස්ටියන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.
අනතුරුව, පිළිතුරු ඉනිම් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දුවක දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 126 ක් පමණයි.
බෙන් කටීන් ලකුණු 39 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ෂබාස් නදීම් කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්වුණා.
ඒ අනුව, ඉන්දීය කණ්ඩායම තරගයෙන් ලකුණු 94 ක ජයක් හිමි කර ගත්තා. තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.