සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20-20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුන් අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අනතුරුව, තරගය අතහැර දැමීමටයි, තරග තීරකයින් තීරණය කරනු ලැබුවේ.
ඒ අනුව තරග තුනකින් සමන්විත දෙරට අතර 20-20 ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වුණා.