අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ තරග උණුසුම් වෙයි

අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට ‍දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයලස් යන කණ්ඩායම් සමත්වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග වැදුණේ, චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමගයි.

එම තරගය පැවැත්වුණේ, චෙන්නායිහි දී. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම,පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 183 ක් රැස් කළා. කේ එල් රාහුල් ලකුණු 77 යි. පන්දු යැවීමේ දී කලීල් අහමඩ් කඩුලු දෙකක් සහ මතීෂ පතිරණ කඩුල්ලක් දවා ගත්තා. පිළිතුරු ඉනිමේ දී චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත ලබා ගත හැකි වූයේ, ලකුණු 158 ක් පමණයි. ඒ අනුව, තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 25 ක ජයක් හිමි වුණා‍.විජේ ශංකර් නොදැවි ලකුණු 69 ක් රැස් කළ අතර, මහේන්ද්‍ර සිංග් දෝණි නොදැවි ලකුණු 30 යි.

‍රාජස්ථාන් රෝයල්ස් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගය මොහාලිහිදී පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ‍රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවි ලකුණු 205 ක් ලබා ගත්තා. යෂස්වි ජයිස්වාල් ලකුණු 67 යි. රියාන් පරාග් නොදැවි ලකුණු 43 ක් රැස් කළා. අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත ලබා ගත හැකි වූයේ, ලකුණු 155 ක් පමණයි. ඒ අනුව, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගයෙන් ලකුණු 50 ක ජයක් හිමිකර ගත්තා. පන්දු යැවීමේ දී ජො‍ෆ්රා ආචර් කඩුලු 3 ක්, මහීෂ් තීක්ෂණ කඩුලු දෙකක් සහ වනිඳු හසරංග එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

Back To Top