Sri Lanka tour of New Zealand | 1st T20I Match
Sri Lanka tour of New Zealand | Practices ahead of 1st T20
සිංහ පුතුන්ට ලෝක කුසලානයට වරම් හිමි වෙයිද ?
2027 රග්බි ලෝක ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අනුව මලයාසියාව සමගින් පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව ආසියානු සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසෙන අතර, ආසියානු සුපිරි කණ්ඩායම් හතර තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළහොත් ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත. ආසියානු රග්බි ඉහළ […]
පුහුණු තරග වලින් පහසු ජයක්
නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවති පළමු 20-20 පුහුණු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 94 ක් රැස් කළා. බී ජාකොබ්ස් ලකුණු 39 යි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3 […]
සිංහ ධේනුවන් ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි
2025 වසරේ ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද දිනයේදී හැකියාව ලැබුණා. ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු තෙවන එක්දින තරගයෙන් ලකුණු 75කින් පරාජයට පත් වීමත් සමගයි. එම පරාජයත් සමගින් නවසීලන්ත කණ්ඩායම ICC ලෝක කුසලානය ඍජු සුදුසුකම් ලැබීමේ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයට පත් වූ […]
ශ්‍රී ලංකා යෞවනියන් ආසියානු කුසලානයෙන් ඉවතට විසිවෙයි
වයස අවුරුදු 19න් පහළ ආසියනු කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද දවසේදී සිදුවුණා. ඒ සුපිරි හතර වටයේ තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්. මලයාසියාවේ ක්වාලාලම්පූර්හි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකා යෞවනියන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 98ක් පමණයි. එහිදී ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය […]
ශ්‍රී ලංකා පිල නවසීලන්තයට
නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලියට එක්දින තරග තුනක් සහ 20-20 තරග තුනක් ඇතුළත්. තරගාවලියට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වුණා. තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. නායකයා ලෙස කටයුතු කරන්නේ, චරිත් අසලංක. […]
හම්බන්තොට බංගලා ටයිගර්ස් ශුරතාවය දිනා ගනි
ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට දසුන් ශානක ප්රමුඛ හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම අද සමත් වුණා. ඒ අවසන් තරගයේදී ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26 කින් පරාජය කරමින්. පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමයි. ඔවුන් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව හම්බන්තොට බං ලා ටයිගර්ස් කණ්ඩායමට ලබා දුන්නා.ඒ අනුව […]
ජැෆ්නා ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අවසන් ගැටුමට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ ජැෆ්නා ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් අතරයි.T10 ලීක් ක්‍රිකට් තරගාවලිය පසුගිය එකොළොස්වැනිදා ආරම්භ වුණේ කණ්ඩායම් හයක සහභාගිත්වයෙන්. මූලික වටයේ පැවති තරගවල ලකුණු සටහන අනුව කණ්ඩායම් හතරක් සුපිරි හතර වටයට සුදුසුකම් ලැබුවා.අවසන් තරගයට ක්‍රීඩා කරන පළමු කණ්ඩායම […]
ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 20 වනදා නවසීලන්තට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ විස්සයි 20 තරගාවලිය සඳහා නම් කළ සංචිතය අද ප්‍රකාශයට පත් කළා. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්. පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, […]
ශ්‍රි ලංකා කණ්ඩායම දෙවන තරගය පරාජයට පත්වේ
වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පරාජයට පත් වුණා. ඒ, බංග්ලාදේශය හමුවේ ලකුණු 28 කින්. තරගාවලිය බංග්ලාදේශයේ ක්වාලලම්පූර් හිදී පැවැත්වෙනවා. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 17 කට සීමා කෙරුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් සිය පන්දුවාර 17 තුළ කඩුලු […]