කාන්තා ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ වැඩිම ලකුණු පරතරයකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වන්නට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය ලකුණු 347කින් ජයග්‍රහණය කරමින්. මෙම තරගයේ පළමු ඉනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩිකාවන් රැස්කළ ලකුණු 428ට පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනීමේදී රැස්කළේ ලකුණු 136ක් පමණි. ඉන්දීය කණ්ඩායම […]
නේතන් ලයන් සුවිශේෂී කඩයිමක් අභියස
ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනයේදී තරගයේ පාලනය ඕස්ට්‍රේලියානුවන් අතට පත් වීමත් සමඟ නේතන් ලයන්ගේ ටෙස්ට් කඩුලු ගණන 499 දක්වා ඉහළට ගොස් ඇත. ලකුණු 132ට කඩුලු 2ක් ලෙස දිනය ආරම්භ කරන විට පාකිස්තාන ලකුණු පුවරුව දිස්වුවද ඔවුන්ගේ පළමු ඉනීම ලකුණු 271කට සීමා විය. එහිදී දගපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් ලකුණු 66කට […]
එක්දින තරග පන්දුවාර 40කට අඩු කළ යුතුයි – වසීම් අක්රම්
පන්දුවාර 50 ජාත්‍යන්තර ක්‍රිකට් තරග නරඹන ක්‍රීඩා ලෝලීන් පිරිස අඩු වීම වැළැක්වීමට එක්දින තරග ඕවර 40කට සීමා කළ යුතු බව වසීම් අක්රම් යෝජනා කොට ඇත. ඕස්ට්‍රේලියානු-පකිස්තාන පර්ත් ටෙස්ට් තරගය අතරතුර විස්තර විචාරය වෙනුවෙන් එක්වූ අක්රම් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම ගැන ද සඳහන් කළේය. 2023 ලෝක කුසලානයෙන් පසු බබාර් අසාම් සියලු ආකෘති වල නායකත්වයෙන් ඉවත් […]
රෝහිත් ෂර්මා ඉවත් කිරීමේ තීරණයට මුම්බායි ප්රේක්ෂකයන්ගෙන් දැඩි විරෝධයක්
එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය හර්දික් පාන්ඩ්යා වෙත ලබා දෙන බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ දිනයේ දී නිවේදනය කළා. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් තීරණය කොට තිබුණේ රෝහිත් ෂර්මා වෙනුවට හර්දික් පාන්ඩ්යා කණ්ඩායම් නායකත්වය වෙනුවෙන් පත් කිරීමටයි. කෙසේ වෙතත් මෙම තීරණයට මුම්බායි ඉන්දියන්ස් ප්‍රේක්ෂකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇති […]
උමයංග මිහිරාන් ලක්මව රනින් සරසයි.
මලයාසියානු ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය දෙසැම්බර් මස 11- 15 දක්වා මලයාසියාවේ Penang හිදී පැවැත්විණි. මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම තරගාවලියේ දී විශිෂ්ට දස්කම් පාමින් පදක්කම් 5ක් ලක්මාතාවට දිනාදෙන්නට සමත් විය. ඊට රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළත් ය. ශ්‍රී කණ්ඩායමේ නායකත්වය හෙබවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව […]
මුම්බායි ඉන්දියන්ස් නායකත්වය රෝහිත්ගෙන් ගිලිහෙයි
2024 IPL තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස හර්දික් පාණ්ඩ්‍යාව පත් කර ඇත. මෑතකදී ගුජරාට් ටයිටන්ස් වෙතින් MI විසින් ආපසු ගෙන එන ලද පාණ්ඩ්‍යා එළඹෙන තරගවාරය වෙනුවෙන් මුම්බායි පිළ මෙහෙයවනු ඇත. ඒ අනුව 2013 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා වෙනුවට පාන්ඩ්යාව නායකත්වය වෙනුවෙන් නම්කොට ඇත. සිකුරාදා මාධ්‍ය නිවේදනයක් […]
තරග සියල්ල වැස්සට සේදීයද්දී දසුන් ශානකගෙන් වේගවත් පිතිහරඹයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග නමයක් අද දිනයේදී පැවැත්වුණා. නමුත් මෙම තරග සියල්ලටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරග සියල්ලම ප්‍රතිඵලයකින් තොරව අවසන් වුණා.අද දිනයේ පැවති තරඟ වලදී දස්කම් පෑ ක්‍රීඩකයන් පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කරමු. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත් තරඟයේදී කුරුණෑගල යුත් පිල […]
බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු යොවුන් අවසන් මහා සටනට
ආසියානු ක්‍රිකට් කවුන්සලය මගින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද දිනයේදී පැවැත්විණි. මෙවර අවසන් පූර්ව වටය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට සමත්වූයේ පාකිස්ථානය,ඉන්දියාව, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් හතරයි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ පාකිස්ථාන යොවුන් කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් […]
පුහුණු උපදේශකවරුන් දෙදෙනකු ඇයි ? දෙදෙනාගේ කාර්යභාරයන් පිළිබඳව SLC පැහැදිලි කරයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරුන් ලෙස කටයුතු කරන නමුත් ඔවුන් දෙදෙනාට වෙනස් කාර්යභාරයන් පැවරී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න සදහන් කොට ඇත. මෙරට රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු සදහන් කොට සිටියේ ජාතික කණ්ඩායම්වල දක්ෂතා පිළිබඳව සාකච්ඡා කිරීම සහ උපායමාර්ග නිර්මාණය කිරීමේ කාර්යභාරය මහේල […]
ඉන්දු පාකිස්තාන තරගය නිව්යෝර්ක්හිදී ?
2024 T20 ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරඟය නිව්යෝර්ක් හි පැවැත්වෙන බව ගාඩියන් පුවත්පත වාර්තා කරයි. ජූනි මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය දරන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. වාර්තා වන අන්දමට තරගය පැවැත්වෙන්නේ නිව්යෝර්ක් නගරයට නුදුරින් පිහිටි ක්රීඩාංගණයකයි. නිව්යෝර්ක් නුවර පැවැත්වෙන තරගාවලිය සඳහා ආසන 34,000කින් සමන්විත තාවකාලික ක්‍රීඩාංගනයක් ඉදිකෙරෙනු ඇත. නවතම සංගණන […]
යොවුන් ස්කොෂ් ශූරයාට මිලියන 1.5 ක අනුග්‍රාහකත්වයක්.
ආසියානු කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයේ රැඳි සිටින, අඛණ්ඩව වසර තුනක් ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ශූරයා වූ නෙවිදු ලක්මන් ක්‍රීඩකයා වෙත විදුලංක පෞද්ගලික සමාගම වෙතින් රුපියල් මිලියන 1.5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දී ඇත. ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීමට සහ ඔහුගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීමටත් ඉදිරි PSA සහ ජාත්‍යන්තර තරඟාවලි සඳහා […]
පසුගියවර අනුශූරයන් පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද දිනයේදී සිදුවුණා. ඒ බංගලාදේශ කණ්ඩායම හමුවේ ලද අවමන් සහගත පරාජය හේතුවෙන්. මෙම තරඟයේ කාසියවා සිය දිනූ බංග්ලාදේශ වයස අවුරුදු 19 පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නියමිත පන්දු වාර පනහ […]