Author: editor

මහේල, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිළධාරීන් හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් හමුවී ඇති බවට අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කොට ඇත. පසුගියදා පැවති ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජයන් පිළිබඳව එහිදී සාකච්ඡා කොට ඇත. එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය සම්බන්ධයෙන් වන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කොට ඇත. […]

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කෙරේ.

නවතම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද දිනයේදී ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව නව තේරීම් කපිටුවේ සභාපති ධූරය හිටපු ශ්‍රී ලංකා නායක උපුල් තරංගට හිමි වී ඇත. උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නවතම තේරීම් කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළත් වී ඇත. ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස්, ඉන්දික ඩි සේරම්, තරංග […]

යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිවිසීමට කිසිදු සූදානමක් නොමැති බව ඉසුරු උදාන පවසයි

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට කැදවීමේ සූදානමක් පවතින බවට මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පත් වාර්තාවක සදහන් විය. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරා හා ඉසුරු උදානද ඊට අමතරව කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ක්‍රීඩකයන් වූ ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා නුවන් ප්‍රදීප් […]

රවිදු ලක්සිරි අඛණ්ඩව 11 වන වරටත් ජාතික ස්කොෂ් ශූරයා ලෙසින් කිරුලු පළදියි

43 වන ජාතික ජ්‍යෙෂ්ඨ ස්කොෂ් තරගාවලිය පසුගිය දා ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. මෙවර තරගාවලියේ ද පිරිමි කේවල අංශයේ ශූරතාවය දිනාගැනීමට හිටපු DS සේනානායක විද්‍යාලයීය ක්‍රීඩක රවිදු ලක්සිරි සමත් විය. රවිදු ලක්සිරි ජාතික ස්කොෂ් ශූරයා ලෙසින් කිරුලු දැරුවේ පිට පිට 11වන වරටය. ජාත්‍යන්තර ස්කොෂ් ශ්‍රේණිගතකිරීම් හි 140වන ස්ථානයේ රැඳෙන රවිදු ලක්සිරි හමුවේ අවසන් […]

බුවනෙක හා රනිත්මා මෙවරත් බැඩ්මින්ටන් කිරුල රැකගනී.

71 වන ජාතික බැඩ්මින්ටන් තරගාවලිය පසුගියදා කොළඹ 7 පිහිටි වෙළද සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි විය. තරගාවලියේ පසුගිය වර ශූරයා හා ශූරිය ලෙසින් කිරුලු දැරූ බුවනෙක හා රනිත්මා මෙවරත් ශූරතාවය දිනාගැනීමට සමත් විය. තරගාවලියේ පිරිමි කේවල ශූරතාවය දිනාගැනීමට හිටපු රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩක බුවනෙක ගුණතිලක සමත් විය. ඔහු හමුවේ අවසන් මහා […]

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගාවලි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරගකාල සටහන අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙම තරගාවලියට එක් දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්ය. තරගාවලියේ සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. සිම්බාබේ කණ්ඩායමේ ජනවාරි මස තුන්වන දා මෙරටට පැමිණීමට නියමිතය. දෙරට අතර පළමුවෙන්ම එක්දින තරගාවලිය පැවැත්වෙන අතර […]

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් අටක්

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ක්‍රීඩකයන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව එළඹෙන 19 වනදා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට අදාළ අවසන් ක්‍රීඩකයන් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙකු ඇතුළත් වී ඇත. අවසන් ක්‍රීඩකයන් 333 දෙනා අතරට ඇතුළත් ක්‍රීඩකයන් අතරට මින් පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි නියෝජනය කළ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර […]

ශ්‍රී ලංකා යෞවනයන්ට අවමන් සහගත පරාජයක් උරුම වෙයි

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහල තරඟාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරඟයක් අද දිනයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවති මෙම තරගය ඩුබායි හී පිහිටි icc academy ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරඟේ කාසිය වාසය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ එය ආරාධනයෙන් පිළියට පිවිසෙන ශ්‍රී ලංකා වයස […]

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සුදු ජාතිකයන්ගෙන් තවත් දුරස් වන ලකුණු ?

2030 වසර වන විට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතරට සුදු ජාතික ක්‍රීඩකයන් සිව්දෙනෙකු පමණක් ඇතුළත් වනු ඇති බව එරට වෙබ් අඩවියක් වාර්තා කොට ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායම තුළ වර්තමානය වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 අතුරින් 52%ක් සාමාන්‍ය කලු ජාතික ක්‍රීඩකයන් විය යුතු අතර ඉන් 24%ක් පමණ අප්‍රිකානු කලු […]

සනත් ජයසූරිය හා ජෙරම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් High Performance Center වෙතට

ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය මහතා පූර්ණ කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක වරයෙකු ලෙසින් පත් කිරීමට නියමිත බවට වාර්තා පළ වී ඇත. ඒ අනුව සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්‍ය සාධන මධ්‍යස්ථානයේ පුහුණු උපදේශක ලෙසින් කටයුතු කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා කොට ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්‍ය […]

අබුඩාබි T10 තරගාවලියේ ශූරතාවය නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට

අබුඩාබි T10 ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ රාත්‍රියේ පැවැත්විණි. මෙවර අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ New York Strikers කණ්ඩායම සමගින් Decan Gladiators කණ්ඩායමයි. තරඟයේ කාසිය වාසිය දිනූ new york කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර දහය අවසානයේදී කඩුලු පහක් දැවී රැස්කිරීමට හැකි වූයේ […]

අසේල, තිසර හා ඇන්ජෙලෝගේ දස්කම් Manipal Tigers කණ්ඩායම ශූරතාවය කරා රැගෙන යයි

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඊයේ දිනයේදී පැවැත්වුණි. මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ අර්බන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමගින් මනිපාල් ටයිගර්ස් කණ්ඩායමයි. තරඟේ කාසිය වාසිය දිනූ මනිපාල් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ. ඒ ආරාධනය පිටියට පිවිසෙන හයිඩ්‍රාබාද් කණ්ඩායම විවිධ පන්දුව අර විස්ස අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 187ක් රැස් කළහ. එහිදී රිකී […]

Back To Top