2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ, නිමා වූ ශ්‍රී ලංකා බංගලාදේශ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල, බංගලාදේශ නායක ශකිබ් අල් හසන් විසින් කාලය ඉක්මයාම හේතුවෙන් ලබා ගැනීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි කතා බහට ලක් විය. තරගයේ පළමු ඉනිමේ දී පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සදීර […]
කෝලිව සසඳන්නන්ට අමීර් පිළිතුරු දෙයි.
නූතන ක්‍රිකට් වංශකතාවේ විශිෂ්ඨම පිතිකරුවා තමන් බව නැවත නැවතත් පසක් කරමින් ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් ශතකයත් සමඟින් වැඩිම එක්දින ශතක ලාභීන්ගේ වාර්තාව සම කිරීමට සමත් විය. ඔහු මෙසේ සම කරනු ලැබුවේ හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ නාමය ඉදිරියේ සටහන්ව තිබූ වාර්තාවයි. ඉකුත් […]
ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි
වම් දබර ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවත් කොට ඇත. ඊයේ දිනයේ දිල්ලි හිදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ෂකීබ් මෙම ආබාධයට ලක් විය. තරඟයෙන් පසුව ලබාගත් X-ray පරීක්ෂණයකින් අස්ථි බිඳීමක් වී ඇති බවට තහවුරු වූ අතර, නොවැම්බර් 11 වන දින පූනේහිදී ඕස්ට්‍රේලියාවට […]
මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 900 කඩයිම පසුකරයි
වමත් දගපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ ක්‍රිකට් දිවියේ කඩුලු 900 සීමාව පසු කරන්නට සමත් විය. ඒ අනුව ඔහු පළමු පෙළ කඩුලු 900 සීමාව පසු කළ සිව්වන ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. අන්තර් සමාජ තුන් දින තරගාවලියේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ කඩුලු […]
මගේ අවුරුදු 15 මං දැකලා නෑ කණ්ඩායමක් මෙච්චර පහත් තත්වයට වැටෙනවා – ඇන්ජිලෝ මැතිව්ස්
එක්දින ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ දී ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස්ටට සිදුවිය. එහිදී ඔහු වාර්තා පොත් අතරටද ඇතුළත් වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ Timed Out ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසිනි. තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජිලෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. “බොහොමත්ම කණගාටුයි බංග්ලාදේශ කණ්ඩායම ඒ […]
තේරීම් කමිටුවෙන් ක්‍රීඩා ඇමතිවරයාට පිළිතුරු ලිපියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ පරාජයට තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය වගකීම භාර ගත යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ඊට පිළිතුරු වශයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා තේරීම් කමිටු සාමාජිකයන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකොට ඇත. එහි සදහන් කොට ඇත්තේ එලෙසින් තේරීම් කමිටුවට චෝදනා කිරීම හෝ විවේචනය කිරීමට නෛතික හා […]
පන්දුවට පහරදීමටත් පෙර ඇන්ජිලෝ දැවීගියේ ඇයි ?
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ Timed Out ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වන්නට ඇන්ජිලෝ මැතිව්ස්ට අද දිනයේදී සිදු වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන ලෝක කුසලාන තරගය අතරතුරයි. මෙම තරගයේදී සදීර සමරවික්‍රම දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසෙන ඇන්ජිලෝ මැතිව්ස් රැගෙන ආ හිස්වැසුමක් දෝෂ සහිත වූ අතර එය වෙනස් කිරීමට අවශ්‍ය වූ නිසාවෙන් කිසිදු පන්දුවකට මුහුණ […]
අපි මේ පාර එන්නෙ මේ ක්‍රිකට් එක හදලා අලුත් බ්‍රෑන්ඩ් එකක් හදන්න – අර්ජුන රණතුංග
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අද දිනයේදී පත් කළ අතර එහි සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමිවිය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා සදහන් කොට ඇත්තේ වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවදානය යොමු කරන බවයි. ක්‍රීඩා ඇමතිතුමා සෑහෙන කාලයක් මේක දිහා බලන් ඉඳලා තමයි මේක පත් කරලා තියෙන්නෙ. මටත් වගකීමක් බාරදීලා තියෙනවා. වැඩි ප්‍රමණයක් මගේ […]
හෙට තරගයට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණයේ වෙනසක්
එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අටවන තරගය හෙට දිනයේදී දිල්ලිහිදී පපැවැත්වීමට නියමිතය. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වී ඇති අතර ශ්‍රී ලංකාවට තවදුරටත් බලාපොරොත්තු රදවා ගැනීමට අවස්ථාව පවතී. හෙට දිනයේදී බංග්ලාදේශයට එරෙහි තරගය වෙනුවෙන් ආරම්භක පිතිකරු කුසල් ජනිත් කණ්ඩායමට කැඳවීමට නියමිතය. ඒ පෙර තරග දෙකෙහිදී […]
ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියත් කල්දමයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් මස 10 වනදා පැවැත් වීමට නියමිතව තිබුණි. නමුත් එය නොවැම්බර් මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මේ වන විට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් ක්‍රීඩක වෙන්දේසිය කල්දැමීමට […]
ශ්‍රී ලංකාවට පනවා තිබූ රග්බි තහනම ඉවතට
ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර, පැරීසියේ දී පැවති රැස්වීමකදී ඉවත් කළ බව ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයා තහවුරු කොට ඇත. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර ඩුබායි දී පැවති හමුවකදී ඔහු මේ බව තහවුරු කොට ඇත. එම තීරණය නිල […]
බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගයට වායු දූෂණය හරස් වන ලකුණු ?
ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්‍රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටියි. නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට […]