Sri Lanka Vs Zimbabwe | 2nd ODI Match
ඉන්දියාවේ ක්‍රීඩකයෙකු අවුරුදු 12න් පළමු පෙළ ක්‍රිකට් පිටියට පය තබයි
බිහාර් ක්‍රීඩක වයිභව් සූර්යවංශී පසුගිය සිකුරාදා (ජනවාරි 5) දින මුම්බායි කණ්ඩායමට එරෙහිව සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළේය. ඔහු පළමු පෙළ වරම් දිනා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 12 යි දින 284 විය. ඔහු ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වූයේ පළමු පෙළ තරග ක්‍රීඩා කළ 4 වැනි ලාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වෙමිනි. පළමු පෙළ […]
ලසිත් ක්රෝස්පුල්ලේට බංග්ලාදේශයෙන් අවස්ථාවක්
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලසිත් ක්‍රෝස්පුල්ලේ එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ය. ඒ ඔහු මීළඟ තරගවාරය සඳහා Durdanto Dhaka කණ්ඩායම විසින් ගිවිසුම්ගතවීම හේතුවෙනි. 25 හැවිරිදි වියෙහි පසුවන ලසිත් ක්‍රෝස්පුල්ලේ මේ වන විට විස්සයි විස්ස තරග 45කට ක්‍රීඩා කරමින් ලකුණු 916ක් රැස්කොට ඇත. නිමාවට පත් වූ අබුඩාබි T10 තරගාවලියේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට […]
හෙන්රිච් ක්ලාසන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි
දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු හෙන්රිච් ක්ලාසන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ. ක්ලාසන් දකුණු අප්‍රිකාව සඳහා සීමිත පන්දුවාර ආකෘතිවලින් දිගටම ක්‍රීඩා කරනු ඇත. ක්ලාසන් 2019 සහ 2023 අතර ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කළ අතර අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි. ඉන්දියාවට එරෙහිව පැවැති අලුත් අවුරුදු ටෙස්ට් තරගයෙන් ඩීන් එල්ගාර්ගේ […]
වනිදු අද තරගයට ක්‍රීඩා කරන ලකුණු ?
ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව තොරතුරු වාර්තා වී ඇත. වනිදුගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් මට්ටමක පවතින බැවින් අද තරග වෙනුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට හැකි බවට වෛද්‍ය මණ්ඩලය තහවුරු කොට ඇතැයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග තහවුරු කොට ඇත. වනිදු හසරංග […]
නුවන් තුෂාර තවත් ලීගයකට ගිවිසුම් ගතවෙයි
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර එළඹෙන දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගය වෙනුවෙන් ද මුම්බායි කේප්ටවුන් කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී ඇත. එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් වෙනුවට නුවන් තුෂාර මෙලෙසින් මුම්බායි කේප්ටවුන් කණ්ඩායම සමගින් ගිවිසුම්ගතවී ඇත පසුගිය දා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට මුම්බායි […]
මම පන්දු යවපු අමාරුම පිතිකරුවා තමයි ෂෙවාග් – මුත්තයියා මුරලිදරන්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගෙ සිය ක්‍රිකට් දිවිය තුළ තමන් පන්දු යැවූ අසීරුම පිතිකරුවා පිළිබඳව හෙළිදරව්වක් කොට ඇත. ඒ අනුව මුරලි විසින් දුෂ්කරතම පිතිකරු ලෙසින් නම් කොට ඇත්තේ හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් ය. එමෙන්ම මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත කියා සිටියේ තමන් ‘ඉතා අගය කළ’ පිතිකරුවා බටහිර ඉන්දීය කොදෙව් ජාතික […]
බ්‍රසීල පාපන්දු පුරාවෘත්තයක් දිවි රගමඩලට සමුදෙයි
බ්‍රසීල හිටපු පාපන්දු ක්‍රීඩක මාරියෝ සගාලෝ පසුගිය සිකුරාදා දිනයේදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 92 හැවිරිදි වියේ පසු වූ පාපන්දු ශූරයා සිව්වරක් බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලානය දිනා දෙන්නට සිය දායකත්වය සැපයීය. සගාලෝ දෙවරක් ක්‍රීඩකයෙකු ලෙසින් බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලානය දිනා දෙන්නට දායක විය. අනෙක් අවස්ථාවන් දෙකේදී ප්‍රධාන පුහුණුකරු ලෙසින් හා සහය පුහුණුකරුවෙකු ලෙසින් ලෝක […]
ලොව පුරා ප්‍රචලිත Brooks පාවහන් ශ්‍රී ලංකාවටත්
ලොව වේගවත්ම ක්‍රීඩා පාවහන් සන්නාමයක් ලෙසින් සැලකෙන Brooks පාවහන් නිළ වශයෙන් මෙරට ට හදුන්වා දීම ඊයේ දිනයේ දී සිදු කෙරිණි. විද්‍යාත්මක තාක්ෂණය අතින් ගත්කළ අනෙකුත් ක්‍රීඩා පාවහන් වලට සාපේක්ෂව ඉදිරියෙන් රැදී සිටින මෙම Brooks පාවහන් පිළිබඳව ප්‍රවර්ධකයන් සදහන් කළේ Brooks පාවහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උපරිම වේගය, නවෝත්පාදනය හා කඩිසරකමේ උපරමය බවයි. බෲක්ස් පාවහන් ශ්‍රී ලංකා වේග […]
සමස්ත ලංකා නෙට්බෝල් තරගාවලිය කල් යයි
67 වන Eva සමස්ත ලංකා නෙට්බෝල් තරගාවලිය නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට තරග සංවිධායකයන් තීරණය කොට ඇත. ඒ අනුව තරගාවලිය එළඹෙන පෙබරවාරි මස තෙක් කල් දැමීමට සිදු වී ඇත. මින් පෙර තරගාවලිය ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළදී පැවැත්වීමට සැලසුම් කොට තිබුණි. නමුත් ඇති වී තිබෙන තත්වය හේතුවෙන් තරගාවලිය පෙබරවාරි මස 10 […]
සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අතහැර දමයි
සංචාරක සිම්බාබේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් […]
කාන්තා හා යොවුන් ක්‍රිකට් තේරීම් කමිටු නම් කෙරේ.
නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවක් හා යොවුන් තේරීම් කමිටුවක් පත්කොට ඇත. ඒ අනුව නව යොවුන් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස විනෝදන් ජෝන් මහතා පත්කොට ඇත. එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ දුමින්ද වික්‍රමසිංහ, හසන්ත ප්‍රනාන්දු, වරුණ වරාගොඩ සහ ෂේන් ප්‍රනාන්දු යන මහත්වරුන් ය. හේමන්ත දේවප්‍රියගේ ප්‍රධානත්වයෙන් කාන්තා තේරීම් කමිටුව […]