මලින්ද වර්ණපුරට ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුරක්
නවසීලන්තයේ ජොන්සන්විල් ක්‍රිකට් සමාජය පූර්ණකාලීන පුහුණු හා සංවර්ධන අධ්යක්ෂවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු මලින්ද වර්ණපුර බඳවාගෙන ඇත. ඒ අනුව මෙම තනතුර වෙනුවෙන් බදවාගත් පළමු පුද්ගලයා වනුයේ මලින්ද වර්ණපුරයි වර්ණපුර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 14ක්ද සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කොට ඇත. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසින් ද කටයුතු […]
මම සෑම විටම ටෙස්ට් ක්‍රිකට් සහ ජාත්‍යන්තර ක්‍රිකට් වලට ප්‍රමුඛත්වය දෙනවා – මිචෙල් ස්ටාක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලංසුවක් හිමි වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් විය. ඒ පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කෝටි 24.75ක මුදලකට අලෙවි වීමත් සමගයි.කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට වාර්තා ගත ලංසුවක් තබමින් සිය කණ්ඩායමට එක් කොට […]
හර්දික්ට ඇෆ්ගනිස්තාන තරගාවලිය හා IPL තරගාවලිය අහිමි වන ලකුණු
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් වෙත නැවත පැමිණීමෙන් පසුගිය දිනවල පුවත් සිරස්තල මැවූ හර්දික් පාණ්ඩ්‍යා තරඟාවලියට සහභාගී වීම සැක සහිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟයේදී පාණ්ඩ්‍යාට වළලුකර ආබාධයක් ඇති වූ අතර, NDTV ඇතුළු බොහෝ සුප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කර ඇත්තේ 2024 T20 ලෝක කුසලානය වෙනුවෙන් යෝග්‍යතාවයෙන් […]
19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියක් එළඹෙන වසරේදී
එංගලන්ත, ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් අතර තුන් කොන් තරගාවලියක් එළඹෙන වසරේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන වසරේ මාර්තු – අප්‍රේල් කාල වකවානුවේ දී පැවැත්වෙනු ඇත. එමෙන්ම එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව එක්දින තරග හා විස්සයි විස්ස තරග වලට ක්‍රීඩා […]
NSL සිව්දින තරගාවලිය ජනවාරි මාසයේදී ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලිය ජනවාරි 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සඳහා පළාත් කණ්ඩායම් පහක් සහභාගි වීමට නියමිතය. පළමු සතියට අදාළ තරග ජනවාරි 18 සිට 21 දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරගය අප්‍රේල් 30 සිට මැයි 3 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. සූරියවැව මහින්ද රාජපක්ෂ […]
From the Imaging Industry to the Cricketing arena
CameraLK, known not just locally but internationally as South Asia’s Largest Camera retail store is all set to embark on a brand new journey this time in Sri Lanka’s most popular sport Cricket. CameraLK who are largely popular for sponsoring various Sri Lankan cricketers like Kusal Mendis, Pathum Nissanka, Avishka Fernando etc will step into […]
කවුරුත් රොබින්ව ගත්තේ නැති උනොත් දෝනි එයාව ගන්නවා කීවා – රොබින් මින්ස්ගේ පියා
රොබින් මින්ස් IPL තරඟාවලි ඉතිහාසය වෙනස් කරන්නට පසුගියදා සමත් වූයේ IPL තරගාවලියකට තේරී පත් වූ පළමු ගෝත්‍රික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. රොබින් මින්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරාගැනීම සම්බන්ධයෙන් රොබින් මින්ස්ගේ පියා ඉන්දීය මාධ්‍ය වෙත මෙලෙසින් අදහස් දක්වා ඇත. ” මට මහේන්ද්‍ර සිං දෝනිව දවස් කිහිපයකට කලින් රාන්චි ගුවන් තොටුපලේ දී මුණ ගැසුණා. ඔහු […]
දිවා රාත්‍රී තරග වෙනුවෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යළිත් සූදානම්.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දිවා රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු මට්ටමින් නවීකරණය කොට ඇත. ඒ අනුව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීන ආලෝක පද්ධතියකින් නවීකරණය කරන ලද ක්‍රීඩාංගනයක් බවට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් Daily News වාර්තා කොට ඇත. දඹුල්ල ක්‍රීඩාංගනය ආලෝක ධාරිතාවේ ගැටළු හේතුවෙන් විදුලි ආලෝකය යටතේ […]
දිගින් දිගටම ලද පරාජයන් හමුවේ සිම්බාබ්වේ පුහුණුකරු ඉල්ලා අස්වෙයි
ඩේව් හූටන් සිම්බාබ්වේ පිරිමි ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු පසුගිය ජුනි මාසයේදී එම තනතුර භාරගත් අතර මාස 18ක් සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. සිම්බාබ්වේ කණ්ඩායම T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමෙන් පසුව සහ අයර්ලන්තයට එරෙහිව එක්දින හා විස්සයි විස්ස තරඟාවලි දෙකම පරාජයට පත් වූ පසුබිමක Houghton ESPNcricinfo වෙත පැවසුවේ ක්‍රීඩකයින් […]
මුම්බායි ඉන්දියන්ස් බලගතු වේගපන්දු බලඇණිය ගැන මාලිංග සතුටින්.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී තම කණ්ඩායමට ආකර්ෂණීය නම් කිහිපයක් එක් කර ගැනීම සමබන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු උද්යෝගයෙන් පසු වෙයි. ජෙරල්ඩ් කොයිට්සි සහ ඩිල්ෂාන් මධුශංක වැනි දක්ෂ තරුණ වේගපන්දු යවන්නන් තම කණ්ඩායමට එක් කර ගැනීමට හැකිවීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එය සතුටුදායක දිනයක් බවට පත් විය. ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ […]
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය වෙනස් කළ 21 හැවිරිදි කොලුගැටයා.
රොබින් මින්ස් IPL තරඟාවලි ඉතිහාසය වෙනස් කරන්නට ඊයේ දිනයේදී සමත් වූයේ IPL තරගාවලියකට තේරී පත් වූ පළමු ගෝත්‍රික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. 21 හැවිරිදි වියේ පසුවන මින්ස්ව ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ලංසු තැබීමේ යුද්ධයක් ඇති විය. ඔහුගේ මූලික මිල ඉන්දීය රුපියල් ලක්ෂ 20 න් ආරම්භ වූ අතර, කණ්ඩායම් දෙක අතර ඇති […]
දැල්පන්දු තේරීම් තරග එළඹෙන 21 වනදා
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා පවත්වනු ලබන පළමු තේරීම් අදියර දෙසැම්බර් 21 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරවරු 8.00 ට ආරම්භ වීමට නියමිතය. ලබන වසරේ පැවැත්වෙන 13 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය ඉලක්ක කරගනිමින් තේරීම් ක්‍රියාවලිය පැවැත්වෙයි. මේ අතර අඩි පහයි අඟල් අටක උසකින් යුත් ක්‍රීඩිකාවන්ට […]