ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීම භාරදී ඇත. එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ලබන පරාජයන් හමුවේ විවිධ පාර්ශව වලින් එල්ල වන චෝදනා හමුවේ ක්‍රිකට් ලේකම් වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුවෙන් ඉල්ලා […]
බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගයට වායු දූෂණය හරස් වන ලකුණු ?
ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්‍රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටියි. නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හා තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතුයි – ක්‍රීඩා ඇමති
මෙවර ලෝක කුසලාන තරගාවලියේ පරාජයේ වගකීම තේරීම් කමිටුව හා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බවද ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත. ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නිකුත් කළ නිවේදනයක ඒ බව සටහන් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේවන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බවත් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යවරයා, ජනපතිට ලිපි යවයි
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදුකරන කරන හිරිහැර හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික කටයුතුවලට බාධා එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකොට ඇත. ඒ ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉල්ලමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ මෑත කාලීන තරගාවලි කිහිපයකට ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ මැදිහත් වීම් පිළිබඳව සදහන් […]
පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලයි
ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති තරගය පරාජයට පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනස්සල්ල සහ සිය කලකිරීම ප්‍රකාශ කොට ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ මෙම ගැටළු සැලකිල්ලට ගනිමින්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි සහ පුළුල් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි. මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත දක්ෂතා […]
ඩිල්ෂාන් මධුසංඛට IPL කොන්ත්‍රාත්තුවක් ලැබෙනු ඇතැයි ඉන්දීය විස්තර විචාරකයෙකු කියයි
ඉන්දියාව සමගින් ඊයේ දිනයේ දී පැවති තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ එක්දින පිටියේ සිය හොදම පන්දු යැවීම වාර්තා කළේය. ප්‍රභල ඉන්දීය පිතිකරුවන් පස්දෙනෙකු දවාගැනීමට ඩිල්ෂාන් ඊයේ දිනයේ සමත් වූ අතර ඔහුගේ දක්ෂතාවය පිළිබඳව ඉන්දීය විස්තර විචාරක ආකාෂ් චොප්රා මෙලෙසින් අදහස් දක්වා ඇත. ” මධුශංක ඉතාමත් හොඳින් පන්දු යවනවා. ඔහු ඉතා හොඳ ක්‍රීඩකයෙක්. […]
කාසිය වාසිය දිනූ විට, ඔවුන් පළමුව පන්දුවට පහර දෙයි කියලා අපි හිතුවේ – ශ්‍රෙයාස් අයියර්
ඊයේ දිනයේදී පැවති ලෝක කුසලාන තරඟයේදී ශ්‍රී ලංකාව මුම්බායි හි පැවති දැඩි උණුසුම් තත්වයන් යටතේ පන්දු යැවීමට ගත් තීරණය බොහෝ දෙනා මවිතයට පත් කළ අතර ඉන්දීය පිතිකරු ශ්‍රේයාස් අයියර් සදහන් කොට ඇත්තේ එය තමාට වාසනාව උදා කළ බවයි. මෙම තරගයේදී ඉන්දියාව සිය ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 357ක් රැස් කළහ. අපරාජිත සත්කාරක කණ්ඩායම පසුව […]
අපේ පිතිකරණ ලැයිස්තුවේ අඩුපාඩු කිහිපයක් තිබෙන බව මම විශ්වාස කරනවා – නවීඩ් නවාස්
එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී අවමන් සහගත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවුණා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත “තරගය පරාජයට පත්වීම නිසැකවම කනස්සල්ලට කරුණක්. නමුත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැස්මක් ලෙස මම දකින්නේ නෑ. අපිට තරුණ […]
ශ්‍රී ලංකා නැගී එන පිළ පළමු ඉනීමේ තවත් ලකුණු 32ක් පිටුපසින්
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය තුන්වන දිනටත් අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෙවන දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 81ක් කොට සිටියහ. ඔවුන් අද දිනයේ දී තවත් කඩුලු 4ක් […]
වසර 12කට පසුව ලෝක කුසලාන කඩුලු 5ක අයිතිය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට.
එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් සිව්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට දිල්ශාන් මධුශංක අද දිනයේ දී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ලකුණු 80 ට කඩුලු 5ක් දවා ගනිමින්. ඒ අනුව 2011 වසරේ ට පසුව එක්දින කුසලානයක් තුළදී තුළදී කඩුලු 5ක් බිඳ හෙලූ පළමු ශ්‍රී ලංකා […]
මෙවර ලෝක කුසලානයේදී වැඩිම උඩපන්දු ගිලිහීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවෙන්
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ වැඩිම උඩපන්දු ගිලිහීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාව ඉදිරියේ ලියැවී තිබෙනවා. ඒ ඔවුන් මෙවර තරගාවලිය තුළ උඩපන්දු 14ක් අත හැරීම හේතුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ උඩපන්දු 22ක් රැකගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලිය තුළ දී ශ්‍රී ලංකාව උඩපන්දු සාර්ථකව රැකගත් ප්‍රතිශතය 61%ක් ලෙසින් සටහන්ව තිබෙනවා. මෙවර […]