Blog

ඕස්ට්‍රේලියානු ප්‍රභලයන් දෙදෙනකුට එංගලන්තයට එරෙහි තරගය අහිමි වෙයි.

ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන ඉදිරි ගමනට තවත් බාධාවක් එල්ල වී ඇත. ඒ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් පෞද්ගලික හේතූන් මත යළිත් ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබීම හේතුවෙන්. ඒ අනුව මිචෙල් මාෂ් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය වෙනුවෙන් ක්‍රීඩා නොකරනු ඇත එමෙන්ම ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල්ටද එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගය අහිමි වී ඇත. මාකස් ස්ටොයිනිස් […]

වර්තමානයේ කෙතරම් රසිකයන් සිටියත්, මා දුටු පළමු ක්‍රිකට් රසිකයා ඔහුයි – රෝහිත් ෂර්මා

ලෝක ක්‍රිකට් පිටිය තුළ දක්නට ලැබුණු විශිෂ්ටතම තරග දිරිගන්වන්නා පසුගියදා ජීවන රගමඩලින් බැස ගියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරි කරමින්. ශ්‍රී ලංකා තරගයට පෙර ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ඉන්දීය නායක රෝහිත් ෂර්මා, පර්සි අබේසේකර මහතා පිළිබඳව දැක්වූ අදහසයි මේ. ආසියානු කුසලානය අතරතුර ශ්‍රී ලංකාවේදී ඔහුව හමුවීමට අවස්ථාවක් හිමිකරගැනීමට මම වාසනාවන්ත […]

ඇෆ්ගනිස්තාන තරගයේ ප්‍රතිඵලයෙන් පසුව අපි සියලු දෙනා දැඩි කළකිරීමට පත් වුණා – ක්‍රිස් සිල්වර්වුඩ්

ඉන්දීය තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් අදහස් දක්වා ඇත. එහිදී ඔහු ඉන්දීය කණ්ඩායම පිළිබඳව, ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද පරාජය පිළිබඳව, ධනංජය හා චරිත්ගේ රිද්මය පිළිබඳව හා යොවුන් ක්‍රීඩකයන් වන දිල්ෂාන් හා දුනිත් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. ආසියානු කුසලානයේ පරාජය අපිට මෝටිවේෂන් එකක් ලබාදෙනවා කියලා මම හිතන්න කැමතියි. ආසියානු කුසලානයේ […]

බංග්ලාදේශ ඉනීමේ කඩුලු 10න් 9ක්ම චාමික ගුණසේකරගේ නමට ලියැවෙයි.

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය දෙවන දිනටත් අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඊයේ දිනයේදී තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා. ඒ අනුව අද දිනයට තරගය ආරම්භ කරන විට බංග්ලාදේශ ඉනීම පන්දුවාර 47 තුළ දී […]

අන්තර් සමාජ ලීග් තරගාවලිය දෙසැම්බර් පළමු වැනිදා ආරම්භ වෙයි

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම තරගය දෙසැම්බර් මස 1වැනිදා පස්වරු 4ට හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. එතැන් පටන් පුරා සති 7ක් මුලුල්ලේ සිකුරාදා, සෙනසුරාදා හා […]

ශහීන් සහ බාබර් ශ්‍රේණිගතකිරීම්හි මුදුනන් බවට පත් වෙයි

නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් අනුව පෙරමුණ හිමිකරගැනීමට පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනකු වන බාබර් අසාම් සහ ශහීන් අෆ්‍රිඩි සමත් වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර එක්දින පිටියේ පිතිකරුවන් අතර ප්‍රමුඛයා බවට බාබර් අසාම් පත්වද්දී පන්දු යවන්නන් අතර ප්‍රමුඛයා බවට ශහීන් අෆ්‍රිඩි පත් වී ඇත. ශහීන් අෆ්‍රිඩි පන්දු යවන්නන් හත්දෙනෙකු පහළ ස්ථානයන්ට ඇද දමමින් මෙලෙස ශ්‍රේණිගතකිරීම් වල ඉහළටම පැමිණීමට […]

තවත් අතිරේක වේගපන්දු යවන්නෙකු ලෝක කුසලාන සංචිතයට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් ශ්‍රි ලංකා සංචිතය සමගින් එකතු වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ මුම්බායිහිදී සිය පුහුණුවීම් වල නිරත වන අතර එහිදී ප්‍රමෝද් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතු වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ Traveling reserve ක්‍රීඩකයන් හෙවත් අතිරේක ක්‍රීඩකයන් ලෙසින් දසුන් ශානක හා ප්‍රමෝද් […]

Wankhede ක්‍රීඩාංගණය මට විශේෂයි – ඉන්දීය නායක රොහිත් ෂර්මා

බ්‍රහස්පතින්දා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන ගැටුමට පෙර, ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවසුවේ එය තමාට විශේෂ ස්ථානයක් බවයි. ICC සමග පැවති සාකච්ඡාවදී රෝහිත් ෂර්මා වන්කඩේ ක්‍රීඩාංගනය සමඟ ඇති ඔහුගේ චිත්තවේගීය සම්බන්ධතාවය පිළිබඳව සදහන් කොට ඇත. වන්කඩේ මට විශේෂ ස්ථානයක්, මගේ හොඳම ස්ථානය තමයි මේක. මම අද ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඉන්නේ […]

අයර්ලන්ත සීමිත පන්දුවාර නායකත්වය පෝල් ස්ටර්ලින්ට

පෝල් ස්ටර්ලින් අයර්ලන්තයේ සීමිත පන්දුවාර නායකයා ලෙස පපත්කොට ඇත. මින් පෙර අයර්ලන්ත සීමිත පන්දුවාර කණ්ඩායම් නායකත්වය හෙබවූ ඇන්ඩි බල්බර්නි ඉදිරියේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඔහුගේ භූමිකාව දිගටම ඉටුකරනු ඇත. 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අයර්ලන්තය අපොහොසත් වීම හේතුවෙන් ටෙස්ට් නායකත්වයේ රැඳී සිටින බල්බර්නි ඉල්ලා සීමිත පන්දුවාර නායකත්වයෙන් ඉල්ලා අස්විය. ස්ටර්ලින් 2008 වසරේ අයර්ලන්තය වෙනුවෙන් […]

2034 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සෞදි අරාබිය පමණක් ලංසු තබයි

2034 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය සඳහා ලංසු තැබූ එකම රට සෞදි අරාබිය බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තහවුරු කොට ඇත. ඔක්තෝබර් 31 වනදා වන තරඟාවලිය සඳහා ආසියානු සහ ඕස්ට්‍රේලියානු මහද්වීපික රටවලින් ලංසු කැඳවා තිබූ අතර සෞදි අරාබිය එම නිවේදනය නිකුත් කොට මිනිත්තු කිහිපයකට පසුව නිවේදනය කළේ ඔවුන් ලෝක කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් ලංසු තබන බවයි. ඕස්ට්‍රේලියාව ඊයේ […]

චාමික ගුණසේකරගේ වේගපන්දුව බංග්ලාදේශ නැගී එන පිතිකරුවන් අසරණ කරයි

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා. නමුත් අද දිනයේදී අඳුරු ආලෝකය හේතුවෙන් නියමිත පන්දුවාර ගණන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ඒ අනුව ක්‍රියාත්මක කළ පන්දුවාර […]

ශ්‍රී ලංකා යෞවනයන් පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කාසිය වාසිය දිනූ පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ කඩුළු […]

Back To Top