Blog

නිමල් වන්නිආරච්චි ලක්මාතාව රිදියෙන් බබලවයි.

15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් අද දිනයේදී සමත් වුණා. ඔහු මෙලෙසින් රිදී පදක්කම දිනාගත්තේ වයස අවුරුදු 50-60 මාස්ටර්ස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 80ට වැඩි බරපන්තියෙන් තරග වදිමින්. එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වුණේ ඉන්දීය ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා නාමය ලොවක් ඉදිරියට ගෙන ගිය නිමල් වන්නිආරච්චිට […]

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට පහසු ජයක්

එක්සත් අරාබි ක්ලැසික් බේස්බෝල් තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන්ම පහසු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ සෞදි අරාබි කණ්ඩායම ලකුණු 15ට 6ක් ලෙසින් පරාජයට පත් කරමින්. මෙම ජයග්‍රහණය සමගින් B කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා සමත් වී තිබෙනවා. කණ්ඩායම් 9ක සහභාගිත්වයෙන් යුතු මෙම තරගාවලිය නොවැම්බර් මස 7 වනදා සිට 10 […]

පාසල් දැල්පන්දු ශූරතාවය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට

31වන නෙස්ලේ පාසල් දැල්පන්දු තරගාවලියේ A කොටසේ සමස්ත ශූරතාවය දිනාගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් වුණා. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දී වයස් කාණ්ඩ 4න් 3කම ශූරතාවය දිනාගනිමින් සමස්ත ශූරියන් ලෙසින් කිරුලු දරන්නට මලියදේව බාලිකාවන්ට හැකියාව ලැබුණා. ඒ අනුව අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවන වරටත් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට හිමිවුණා. […]

ශ්‍රී ලංකා A කණ්ඩායම පසිදු සූරියබණ්ඩාර සහ නුවනිදු ප්‍රනාන්දු යටතට

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන නිළ නොවන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. නිළ නොවන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ නායකත්වය පසිදු සූරියබණ්ඩාරට හිමි වී තිබෙනවා. සීමිත පන්දුවාර සංචිතයේ නායකත්වය හිමි වී ඇත්තේ නුවනිදු ප්‍රනාන්දුටයි. සිව්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට වේගපන්දු යවන […]

අගමැතිනිය සහ ICC නිලධාරීන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නිලධාරීන් අතර හමුවක් අද දිනයේදී පැවැත්වුණා. එම හමුවට අභිනවයෙන් පත්වූ ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ සභාපති සුමති ධර්මවර්ධන මහතා ද සහභාගි වුණා. පසුගිය වසර 7ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයට එරෙහිව අත්කොටගෙන ඇති ප්‍රගතිය, මෙම හමුවට සහභාගි වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් […]

ලංකා T10 සුපර් ලීගය මහනුවරට

පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරගාවලිය මහනුවර දී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගි වෙයි. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාර්වල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, නිගම්බු බ්‍රේව්ස් […]

ස්ටබ්ස් පළිහ ශූරතාවය මෙවරත් මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට

105වන ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට මහනුවර සිල්වෙස්තර විද්‍යාලය සමත් වුණා. ඒ අනුව සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩකයන් ස්ටබ්ස් ශීල්ඩ් ශූරතාවය දිනාගත්තේ 18වන වරටයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද 105 වැනි ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං ශූරතාවලියට පාසල් 132 ක බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට ආසන්න පිරිසක් […]

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත ප්‍රවේශපත්‍ර ලබන හය වනදා සිට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරගාවලිය ලබන නම වැනිදා ආරම්භ වීමට නියමිතයි.20/20 තරඟ දෙකක් සහ එක්දින තරග තුනක් තරගාවලියට ඇතුළත්. තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ක්‍රමවේදය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද මාධ්‍යයට නිකුත් කළා. එම ප්‍රවේශපත්‍ර ලබන හය වනදා සිට මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.ඒ www.srilankacricket.lk වෙබ් අඩවියට […]

ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

සංචාරක පකිස්ථාන කණ්ඩායම සමග පැවති පළමු එක් දින තරගය ඕස්ට්‍රේලියාව ජය ගත්තා. තරගය පැවැත්වුණේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දු වාර 46.4 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කල ලකුණු සංසංඛ්‍යාව 203 ක්. මොහොමඩ් රිස්වාන් ලකුණු 44 ක් ලබා ගත්තා. නසීම් ෂා ලකුණු 40 යි. පන්දු යැවීමේදී මිචල් ස්ටක් කඩුලු 3ක් බිඳ […]

ටෙස්ට් විශේෂඥයන් කිහිපදෙනෙකු කල්වේලා ඇතුවම දේදුනු දේශයට

ෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු එළඹෙන නොවැම්බර් 12වනදා දකුණු අප්‍රිකාව බලා පිටත් […]

Back To Top