BPL පළමු දිනයේදීම දසුන් ශානකගෙන් ගිනි කෙළි සංදර්ශනයක්!

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඊයේ දින බංග්ලාදේශයේදී ආරම්භ වූ අතර එහි දසුන් ශානක නායකත්වය දරන කොමිලා වෝරියර්ස් සහ මොහමඩ් නබිනායකත්වය දරන රාන්ගුපූර් රේන්ජර්ස් අතර පැවති තරඟයේ සියලු දෙනාගේම අවධානය දිනාගනිමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල දසුන් ශානක පන්දු 31ක්පමණක් වැය කර ලකුණු 75ක් රැස් කලේ අති දැවැන්ත හයේ පහරවල් 9ක් ද සමගිනි.

ලකුණු 89කට කඩුලු 6ක් ලෙස බිඳ වැටී ඉතා අසීරු තත්වයක වැටී තිබූ කොමිලා වොරියර්ස් ඉණිම යලි ගොඩනැගීමට වග බලාගත් නායක දසුන් ශානක පිටියසිසාරා සිය පහරවල් දියත් කරේ පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත් කරමිනි.

අවසාන පන්දුවාර දෙකේ ලකුණු 49ක් ලකුණු පුවරුවට එක් කල මොහු බංගලදේශයේ දක්ශතම වේග පන්දු යවන්නා වන මුශ්ටෆිසර් රහ්මාන්ගේපන්දුවාරයකට ලකුණු 29ක් රැස් කලේ පිට පිට හයේ පහරවල් හතරක් එල්ල කරමිනි!

දසුන් ශානකගේ ඉනිම නිසා ලකුණු 174 වැනි ඉතා හොඳ ඉලක්කයක් රාන්ගුපූර් ‍රේන්ජර්ස් කණ්ඩායමට ලබා දිය හැකි වූ අතර ඔවුන්ට රැස් කරගත හැකි වූයේලකුණු 68ක් පැමිණි.

දක්ශ නායකත්වය සහ දක්ශ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 105ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොමිලා වොරියර්ස් කණ්ඩායම සමත් වූ අතර තරඟාවලියජයග්‍රාහීව ආරම්භ කිරීමට සමත් විය. [/vc_column_text][/vc_column][/vc_row]

Back To Top