Category: National Cricket

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් කරයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20-20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුන් අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල […]

“‍‍‍ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20” ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ඉන්දියාව

“‍‍‍ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20” ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දිය කණ්ඩායම සමත්වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ රායිපූර්හි දී. කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව, ඉන්දියාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු […]

පළමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරගය, කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත් වුණේ, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව, ඔවුන් පන්දුවාර 18 යි පන්දු 5 කදී සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101 ක්. එමා මැක්ලීඩ් […]

ඉන්දියාව තුන්වැනි වරටත් චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගනී

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට ඉන්දියාව සමත් වුනා. ඒ අද පැවති අවසන් තරගයේදී නවසීලන්තය කඩුලු හතරකින් පරාජය කරමින්.ඩුබායි හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ නවසීලන්ත කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර පනහ ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 251 ක් රැස් කලා.ඩැරල් මිචෙල් ලකුණු 63 ක් රැස් කළ අතර මිචෙල් බ්‍රෙස්වෙල් ලකුණු 53 යි.පන්දු යැවීමේදී […]

ශ්‍රී ලංකා කාන්තා පිල නවසීලන්ත හමුවේ අසරණ වෙයි

ශ්‍රී ලංකා කාන්තා සමග පැවැති තුන්වෙනි එක් දින ක්‍රිකට් තරඟය ලකුණු 98 කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා සමත් වුණා. තරඟය අද පැවැත්වුණේ නවසීලන්තයේ සැක්ස්ටන් ඕව්ල් ක්‍රීඩාංගණයේදී. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන නවසීලන්තය පන්දුවාර 50 ඇතුළත කඩුලු 6 කට ලකුණු 280 ල් රැස් කලා.ජෝර්ජියා ප්ලිමර් ලකුණු 112 යි. පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත […]

කුමාර් සංගක්කාරගේ අර්ධ ශතකය අපතේ යයි

මාස්ටර්ස් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයෙන් ලකුණු 4 ක් තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින්.තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක් රැස් කලා. බිනී ලකුණු 68 ක් රැස් කල අතර යූසුෆ් පතාන් නොදැවී […]

ඕස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය අසරණවෙයි

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඊයේ නිමාවට පත්වුණේ ක්‍රිකට් වාර්තා රැසක් අලූත් කරමින්. තරගය පැවැත්වුණේ පකිස්තානයේ ලාහෝර්හිදී. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර පනහ ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 351 ක් රැස් කලා. බෙන් ඩකට් ලකුණු 165 යි.චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු ලබා ගත් ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙය […]

දසුන්ට අමෙරිකානු ඩොලර් දසදහසක දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් දසදහසක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක තරගයක් අතරතුර, නිසි අවසරයකින් තොරව, ඩුබායි හි ලීග් තරගයකට සහභාගී වීම දසුන්ට මෙම දඩය පැනවීමට හේතුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අත්සන් කර තිබෙන […]

මහීෂ් තීක්ෂණ, එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්හි ඔහු පෙරමුණ ගත්, පළමු අවස්ථාව මෙයයි. මහීෂ් තීක්ෂණ මීට පෙර ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසු වුණා. නවතම ශ්‍රේණිගත කිරීම් ලේඛනය ඊයේ ප්‍රකාශට පත් කෙරුණා. ඒ අනුවයි, තීක්ෂණ ලකුණු 680 ක් සමග පළමු ස්ථානයට පැමිණ […]

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණයක්

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම, අද සමත් වුණා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය, ලකුණු 174 කින් ජය ගනිමින්. ඒ, සමගින් තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය, 2 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ‍කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම, […]

චරිත් අසලංක ගෙන් නායකත්වයේ ඉනිමක්

ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගය අද දිවා තරගයක් ලෙස පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත අසලංක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු […]

Back To Top