පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරගාවලිය මහනුවර දී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගි වෙයි. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාර්වල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, නිගම්බු බ්‍රේව්ස් […]
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත ප්‍රවේශපත්‍ර ලබන හය වනදා සිට
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරගාවලිය ලබන නම වැනිදා ආරම්භ වීමට නියමිතයි.20/20 තරඟ දෙකක් සහ එක්දින තරග තුනක් තරගාවලියට ඇතුළත්. තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ක්‍රමවේදය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද මාධ්‍යයට නිකුත් කළා. එම ප්‍රවේශපත්‍ර ලබන හය වනදා සිට මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.ඒ www.srilankacricket.lk වෙබ් අඩවියට […]
ටෙස්ට් විශේෂඥයන් කිහිපදෙනෙකු කල්වේලා ඇතුවම දේදුනු දේශයට
ෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු එළඹෙන නොවැම්බර් 12වනදා දකුණු අප්‍රිකාව බලා පිටත් […]
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ වෙනසක් නොවන ලකුණු
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා කොදෙව් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයම නම් කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇත. නමුත් එක්දින තරගාවලියේදී වෙනස්කම් කිහිපයක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බවට ද තොරතුරු වාර්තා වී ඇත. ඊට හේතුව වනුයේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ තීරණාත්මක දකුණු අප්‍රිකානු තරගාවලිය එක්දින තරගාවලියෙන් පසුව […]
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙහි ශූරතාව හිමිකරගත්තේ, 2007 වසරෙන් පසුවයි. තරගාවලිය දින තුනක් පුරා පැවැත්වුණේ, හොංකොං හි මිෂන් රෝඩ් ක්‍රීඩාංගනයේදී.අවසන් තරගයට ශ්‍රී ලංකාව සහ පකිස්තානය සුදුසුකම් ලබා තිබුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලහිරු මදුසංක තීරණය කළේ, පකිස්තානයට පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදීමටයි. ඒ අනුව […]
කමිඳු මෙන්ඩිස් ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගනී
ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන්ගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යයට අනූව, පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා. පසුගිය ඉනිම 10 තුල කමිඳු මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය සටහන් වන්නේ අනූ හතරයි දශම තුනයි බිංදුවක් ලෙසයි. මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 8කට ක්‍රීඩාකර ඇති කමිඳු ලකුණු 1004ක් රැස්කරගෙන තිබෙනවා. ඊට ශතක 5ක් සහ […]
ලංකා T10 සුපර් ලීගයේ ක්‍රීඩක කෙටුම්පතට දින නියම වෙයි
පළමු වරට පැවැත්වෙන ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළඹෙන නොවැම්බර් මස 10වනදා පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය දෙසැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියේ දී එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයන් 17 දෙනෙකු ද අවම ක්‍රීඩකයන් 15 දෙනෙකුද ඇතුළත් කරගැනීමේ හැකියාව ඇත. නොවැම්බර් 5 වනදා වන විට සියලු කණ්ඩායම් ඍජුව […]
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පාකිස්තානයේ තරග සංචාරයක
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම මෙම නොවැම්බර් මසදී පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. පාකිස්තානු ‘ඒ‘ (ශහීන්ස්) පිලට එරෙහිව පැවැත්වෙන එම තරග සංචාරයට නිල නොවන සිව්දින තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම නොවැම්බර් මස 07 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යනු ඇත. සිව්දින තරගාවලියෙන් […]
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකරගනී
නැගී එන කණ්ඩායම් අතර ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සමත් වුණා. එහි ශූරතාව හිමිවුණේ, ඇෆ්ගනිස්තාන “ඒ” කණ්ඩායමට. තරගාවලිය ඕමානයේදී පැවැත්වුණා. අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගනිමින්, ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 133 ක්. වැඩිම ලකුණුලාභියා […]
මංගල තරගයෙන්ම වාර්තා පොත් අතරට ගිය දුනිත්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූයේ වෙනස්කම් දෙකක් සමගින්. ඒ නුවන් තුෂාර සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවමින්. සිය මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් අසරණ කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත […]
නවසීලන්ත ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලියට දින නියම වෙයි
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි වල කාලසටහන් අද දිනයේදී ප්‍රකාශයට පත් කොට තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම තරග 2කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සහ තරග 3කින් යුතු එක්දින තරගාවලියක් වෙනුවෙන් එළඹෙන නොවැම්බර් මස මෙරටට පැමිණීමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ පල්ලෙකැලේ […]