රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දිවා රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු මට්ටමින් නවීකරණය කොට ඇත. ඒ අනුව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීන ආලෝක පද්ධතියකින් නවීකරණය කරන ලද ක්‍රීඩාංගනයක් බවට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් Daily News වාර්තා කොට ඇත. දඹුල්ල ක්‍රීඩාංගනය ආලෝක ධාරිතාවේ ගැටළු හේතුවෙන් විදුලි ආලෝකය යටතේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් 19න් පහළ ක්‍රිකට් දියුණු කළ යුතුයි – සනත් ජයසූරිය
ශ්‍රී ලංකා හිටපු නායක ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි නව කාර්යභාරයක් භාරගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම වෙනුවෙන් සනත් ජයසූරියට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාය සමග වැඩ කිරීමට සිදුවී ඇත. ” ඉහළ කාර්ය සාධන ඒකකය සහ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා […]
ක්‍රීඩා ඇමති හරීන්, අභිනව ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග සාකච්ඡාවක් සිදු කොට ඇත. මෙම සාකච්ඡාවකට තේරීම් කමිටු සභාපති උපුල් තරංග සහ තේරීම් කමිටු සාමාජිකයන් වන අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ඉන්දික සේරම් සහභාගි විය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථායේ පුහුණු උපදේශක ලෙස පත් කෙරෙනු සනත් ජයසූරිය ද […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට
නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව අවදානය යොමු කොට තිබීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී කිලෝමීටර් 2ක දුර දිවීමේ යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය. පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සහ පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ වෙනසක් වන ලකුණු
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වයේ වෙනස්කම් සිදුවීමට නියමිත බවට ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා කොට ඇත. ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් සියල්ලෙහිම නායකත්වය හා උපනායකත්වය වෙනස් වීමට නියමිතය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය සිල්වාට හිමි වීමට නියමිත බවට වාර්තා වී ඇත. ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවීමට නියමිතය. ශ්‍රී ලංකා එක්දින […]
පුහුණු උපදේශකවරුන් දෙදෙනකු ඇයි ? දෙදෙනාගේ කාර්යභාරයන් පිළිබඳව SLC පැහැදිලි කරයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරුන් ලෙස කටයුතු කරන නමුත් ඔවුන් දෙදෙනාට වෙනස් කාර්යභාරයන් පැවරී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න සදහන් කොට ඇත. මෙරට රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු සදහන් කොට සිටියේ ජාතික කණ්ඩායම්වල දක්ෂතා පිළිබඳව සාකච්ඡා කිරීම සහ උපායමාර්ග නිර්මාණය කිරීමේ කාර්යභාරය මහේල […]
පසුගියවර අනුශූරයන් පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද දිනයේදී සිදුවුණා. ඒ බංගලාදේශ කණ්ඩායම හමුවේ ලද අවමන් සහගත පරාජය හේතුවෙන්. මෙම තරඟයේ කාසියවා සිය දිනූ බංග්ලාදේශ වයස අවුරුදු 19 පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නියමිත පන්දු වාර පනහ […]
මහේල, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිළධාරීන් හමුවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂ මණ්ඩල නිලධාරීන් හමුවී ඇති බවට අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කොට ඇත. පසුගියදා පැවති ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජයන් පිළිබඳව එහිදී සාකච්ඡා කොට ඇත. එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය සම්බන්ධයෙන් වන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කොට ඇත. […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කෙරේ.
නවතම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද දිනයේදී ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව නව තේරීම් කපිටුවේ සභාපති ධූරය හිටපු ශ්‍රී ලංකා නායක උපුල් තරංගට හිමි වී ඇත. උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නවතම තේරීම් කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළත් වී ඇත. ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස්, ඉන්දික ඩි සේරම්, තරංග […]
යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිවිසීමට කිසිදු සූදානමක් නොමැති බව ඉසුරු උදාන පවසයි
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට කැදවීමේ සූදානමක් පවතින බවට මෙරට ප්රමුඛ පෙළේ පුවත්පත් වාර්තාවක සදහන් විය. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරා හා ඉසුරු උදානද ඊට අමතරව කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ක්‍රීඩකයන් වූ ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා නුවන් ප්‍රදීප් […]
ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගාවලි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරගකාල සටහන අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙම තරගාවලියට එක් දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්ය. තරගාවලියේ සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. සිම්බාබේ කණ්ඩායමේ ජනවාරි මස තුන්වන දා මෙරටට පැමිණීමට නියමිතය. දෙරට අතර පළමුවෙන්ම එක්දින තරගාවලිය පැවැත්වෙන අතර […]
ශ්‍රී ලංකා යෞවනයන්ට අවමන් සහගත පරාජයක් උරුම වෙයි
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහල තරඟාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරඟයක් අද දිනයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවති මෙම තරගය ඩුබායි හී පිහිටි icc academy ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරඟේ කාසිය වාසය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ එය ආරාධනයෙන් පිළියට පිවිසෙන ශ්‍රී ලංකා වයස […]