Category: National Cricket

දෙවන ටෙස්ට් තරගයේ පලමු දිනය සම සම බෙදීයයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝර්ට් එළිසබත් හිදි ආරම්භ වුණා.දිනය නිමාවන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු හතක් දැවී ලකුණු 269 ක් ලබා සිටියා. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් රයන් රිකට්ලන් තම මංගල ටෙස්ට ශතකය මෙහිදී වාර්තා කළා.ඔහු ලකුණු 101 යි.නායක ටෙම්බා බවුමා ලකුණු 78යි. අද පළමු දිනයට තරගය නතර […]

17 පහල ක්‍රිඩකයන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරයි

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් අතර පැවති පළමු තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 252 යි. අනතුරුව ශ්‍රී ලංකා […]

අපරාජිත සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ මූලික වටයේ B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින්. අද දිනයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පරාජයට පත්වුණේ බංග්ලාදේශ දහනමයෙන් පහළ කණ්ඩායම‍යි. තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට […]

තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්

ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජික දිල්රුවන් පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත. ඒ පුහුණුකරුවෙකු ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමේ බලාපොරොත්තුව සහිතවයි. උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් පස් දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වූ හිටපු දගපන්දු යවන්නා, පුහුණුකරුවෙකු වීමට ඇති ආශාව නිසා එලෙසින් ඉවත් වීමට තීරණය කර ඇත. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු ඩුබායි හි […]

ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථානය ලකුණු 131කින් පරාජය කරමින්. ‍ තරගය පැවැත්වුණේ, සාජා හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස් කළා. ආරම්භක පිතිකුරු පුළිඳු පෙරේරා සහ […]

ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්

ශ්‍රී ලංකාව සමග පැවති පළමුව ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 233 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඩර්බන්හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජයගත් පළමු ටෙස්ට් තරඟය මෙයයි. තරඟයේ පළමු ඉනිමට දකුණු අප්‍රිකාව රැස්කළ ලකුණු 191 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 42 ක් පමණයි.අනතුරුව දකුණු අප්‍රිකාව ලකුණු 366 ක් […]

තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට

බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සතු වුණා. තරගය පැවැත්වුණේ ගල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් සීමා කෙරුණේ පන්දු වාර 23කට.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ 17 න් පහල කණ්ඩාය සියලු ක්‍රීඩකයින් පන්දු වාර […]

ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි

මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක අවම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවීමත් සමගයි.ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා. අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. දකුණු අප්‍රිකා […]

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්තාන සංචාරය අතරමග නවතියි

පාකිස්තාන A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය අතර මග නවතා දැමීමට සිදුවී තිබෙනවා. ඒ පාකිස්තානය තුල උද්ගතව ඇති දේශපාලනමය ගැටුම්කාරී තත්වය සමගයි. පාකිස්තාන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව ඉතිරි තරග 2ක කල්දමා තිබෙනවා.පාකිස්තාන ශහීන්ස් කණ්ඩායමට එරෙහිව පළමු නිළනොවන එක්දින තරගය ඊයේ දිනයේදී පැවැත්වුණු අතර එහිදී […]

පාකිස්තානය සිම්බාබ්වේට පරාජය වෙයි.

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමගින් පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 80කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් වුණා. බුලවායෝහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්ඳුරැකීමට තීරණය කළා. ‍රිචඩ් නගරාවා ලකුණු 48ක්ද ශිකන්ධර් රාසා ලකුණු 39ක්ද රැස්කරමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40 පන්දු 2කදී […]

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම පිට පිට දෙවන ජයත් ලබයි

2024 දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන ජයග්‍රහණයත් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. පාකිස්තානයේ ලාහෝර්හි දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස්කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් සදරුවන් කඩුලු 2 ද දිනේෂ්, චන්දන සහ […]

19න් පහළ ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2024 ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. විහාස් තෙවිම්කගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදින අතර ප්‍රතිවාදීන් වනුයේ ඇෆ්ගනිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කරන තරග 3 නොවැම්බර් 29, දෙසැම්බර් […]

Back To Top