මෙම වසරේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර D කාකාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. තරගාවලිය එළඹෙන ජුනි මස 1 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව ජුනි මස 3 වනදා පැවැත්වෙයි. ඉන් අනතුරුව […]
2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතිශය කාර්‍යබහුල වෙයි
2024 ජුනි 4 සිට ජූනි 30 දක්වා පැවැත්වීමට නියමිත ICC පිරිමි T20I ලෝක කුසලානය හැරුණු විට ශ්‍රී ලංකාව 2024 වසර පුරාවට ටෙස්ට් තරග දහයක්, එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 21ක් ක්‍රීඩා කිරීමට නියමිතය. 2024 ජනවාරිසිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය මව්බිමේදී එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිත. ජනවාරි – පෙබරවාරිජනවාරි […]
නව නායකත්වයන් දෙපළක් යටතේ සිංහ පුතුන් සිම්බාබ්වේ තරගාවලියට
එළඹෙන ජනවාරි මස 6වනදා සිට ආරම්භ වීමට නියමිතය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා මූලික සංචිත දෙකක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව නව නායකයන් දෙපළක් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් එක්වනු ඇත. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම කුසල් මෙන්ඩිස් භාරයට පත් වද්දී එහි උපනායකත්වය […]
ලෝක කුසලානයට ගිය රැසකට කණ්ඩායමේ දොර වැසෙයි
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් එළඹෙන ජනවාරි මසදී පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරග වෙනුවෙන් ක්‍රීඩකයන් 22කින් යුතු මූලික සංචිතයක් නම් කොට ඇත. ඒ අනුව මේ දිනවල ක්‍රියාත්මක අන්තර් සමාජ එක්දින තරගාවලියේ දස්කම්ද සැලකිල්ලට ගෙන මෙම ක්‍රීඩකයන් 22 ලැයිස්තුව නම් කොට ඇත. මෙම සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙකු දක්වා අඩු කිරීමට නියමිත අතර අවසන් සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය […]
සිම්බාබ්වේ තරගාවලියේ ප්‍රවේශපත් නිකුත් කෙරේ
එළඹෙන ජනවාරි මස පැවැත්වීමට නියමිත සිම්බාබේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශපත් නිකුත් කිරීම ආරම්භ කොට තිබෙනවා. ඒ අනුව අද දිනයේ පටන් SrilankaCricket නිළ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත් මිළදී ගැනීමට අවස්ථාව හිමි වී ඇත. ජනවාරි මස 4 වනදා සිට කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා විද්‍යා මාවතේ පිහිටි SLC ටිකට් පත් කවුන්ටරයෙන් මිළදී ගත හැකිය. […]
NSL සිව්දින තරගාවලිය ජනවාරි මාසයේදී ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලිය ජනවාරි 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සඳහා පළාත් කණ්ඩායම් පහක් සහභාගි වීමට නියමිතය. පළමු සතියට අදාළ තරග ජනවාරි 18 සිට 21 දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරගය අප්‍රේල් 30 සිට මැයි 3 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. සූරියවැව මහින්ද රාජපක්ෂ […]
දිවා රාත්‍රී තරග වෙනුවෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යළිත් සූදානම්.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දිවා රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු මට්ටමින් නවීකරණය කොට ඇත. ඒ අනුව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීන ආලෝක පද්ධතියකින් නවීකරණය කරන ලද ක්‍රීඩාංගනයක් බවට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් Daily News වාර්තා කොට ඇත. දඹුල්ල ක්‍රීඩාංගනය ආලෝක ධාරිතාවේ ගැටළු හේතුවෙන් විදුලි ආලෝකය යටතේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් 19න් පහළ ක්‍රිකට් දියුණු කළ යුතුයි – සනත් ජයසූරිය
ශ්‍රී ලංකා හිටපු නායක ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි නව කාර්යභාරයක් භාරගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම වෙනුවෙන් සනත් ජයසූරියට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාය සමග වැඩ කිරීමට සිදුවී ඇත. ” ඉහළ කාර්ය සාධන ඒකකය සහ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා […]
ක්‍රීඩා ඇමති හරීන්, අභිනව ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග සාකච්ඡාවක් සිදු කොට ඇත. මෙම සාකච්ඡාවකට තේරීම් කමිටු සභාපති උපුල් තරංග සහ තේරීම් කමිටු සාමාජිකයන් වන අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ඉන්දික සේරම් සහභාගි විය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථායේ පුහුණු උපදේශක ලෙස පත් කෙරෙනු සනත් ජයසූරිය ද […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට
නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව අවදානය යොමු කොට තිබීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී කිලෝමීටර් 2ක දුර දිවීමේ යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය. පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සහ පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ වෙනසක් වන ලකුණු
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වයේ වෙනස්කම් සිදුවීමට නියමිත බවට ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා කොට ඇත. ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් සියල්ලෙහිම නායකත්වය හා උපනායකත්වය වෙනස් වීමට නියමිතය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය සිල්වාට හිමි වීමට නියමිත බවට වාර්තා වී ඇත. ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවීමට නියමිතය. ශ්‍රී ලංකා එක්දින […]
පුහුණු උපදේශකවරුන් දෙදෙනකු ඇයි ? දෙදෙනාගේ කාර්‍යභාරයන් පිළිබඳව SLC පැහැදිලි කරයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරුන් ලෙස කටයුතු කරන නමුත් ඔවුන් දෙදෙනාට වෙනස් කාර්‍යභාරයන් පැවරී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න සදහන් කොට ඇත. මෙරට රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු සදහන් කොට සිටියේ ජාතික කණ්ඩායම්වල දක්ෂතා පිළිබඳව සාකච්ඡා කිරීම සහ උපායමාර්ග නිර්මාණය කිරීමේ කාර්‍යභාරය මහේල […]