Category: National Cricket

සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වෙන ලකුණු ?

සිම්බාබ්වේ කණ්ඩායම එළඹෙන ජනවාරි මස මෙරට සංචාරය කිරීමට නියමිතය.ඒ එක්දින හා විස්සයි විස්ස තරගාවලි ද්විත්වයක් ක්‍රීඩා කිරීමේ අරමුණිනි. තරගාවලියේ එක්දින තරග 3 පල්ලෙකැලේහිදී ද විස්සයි විස්ස තරග 3 දඹුල්ලේදී ද පැවැත්වෙන බවට මින් පෙර නිවේදනය කොට තිබුණි. නමුත් වවයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමිවීමත් සමග සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වීම කෙරෙහි […]

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය මුරලි විවේචනය කරයි

නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය, හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ විවේචනයට ලක්වී ඇත. ෆස්ට්පෝස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් සදහන් කොට ඇත්තේ මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය තුළ පෙන්නුම් කළ දුර්වලතම ක්‍රීඩා විලාශය බවයි. තරගාවලියේ තරග 9 න් තරග දෙකක් […]

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට

දෙසැම්බර් 8 වනදා සිට 17 වනදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට පැවරී ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් යුතු සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කොට ඇත. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ශ්‍රී ලංකාව […]

ක්‍රිකට් තහනම තවදුරටත්. ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමටත් අවස්ථාවක්.

ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් නොකිරීමට අද දිනයේදී රැස්වූ ICC මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ ICC තහනම තවදුරටත් බලාත්මක වනු ඇත. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට තවමත් අවස්ථාව හිමි වී ඇති බව ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කොට ඇත. […]

ආසියානු පදක්කම් ලාභීන්ට ක්‍රිකට් ආයතනයෙන් මුදල් තෑගි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ විධායක කමිටුව විසින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් ඇගයීමට ලක් කොට ඇත. ඒ අනුව අද සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා සහ පුහුණුකරුවන් දෙදෙනෙක් පිළිගැනීම වෙනුවෙන් උත්සවයේ පැවති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, […]

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICC රැස්වීමේ ප්‍රධාන මාතෘකා අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය සහ සමහර පූර්ණ සාමාජික රටවල් ඉලක්ක කරගත් ඉහළ කාර්ය සාධන වැඩසටහනක් පැවැත්වීම යන කරුණු අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ICC මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට නියමිත බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ලෝක කුසලාන අවසන් තරඟයෙන් දින දෙකකට පසුව එනම් අඟහරුවාදා දිනයේදී ICC මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය. පසුගිය […]

සිදුවූ කුමන්ත්‍රණ වලට සමාජ මාධ්‍ය වේදිකාවන් හේතු වූ බව තේරීම් කමිටු සභාපති කියයි

ලෝක කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අසාර්ථකම ලෝක කුසලාන තරගාවලියක් බවට මෙවර තරගාවලිය පත්වද්දී පාර්ශව ගණනාවකින් තේරීම් කමිටුව දෙසට විවේචන එල්ල විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණෙන මොහොතේ දී තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කොට සිටියේ තරගාවලිය පරාජය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ පිළිබඳව සියලු තොරතුරු දින කිහිපයක් තුළදී හෙළිකරනා […]

මහේල මල්ලිගෙන්, අරවින්ද අයියාට ලිපියක්

ලාංකේය ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සළකුණක් සනිටුවන් කළ අරවින්ද ද සිල්වා ක්‍රිකට් විශිෂ්ඨයින්ගේ නාමාවලියට ඇතුළත් කිරීමට තීරණය කළ බව ICCය විසින් පසුගිය දා නිවේදනය කළේය. මෙම නිවේදනයෙන් අනතුරුව 2023 නොවැම්බර් මස 13වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ICC විශිෂ්ඨයින්ගේ නාමාවලියට ඇතුළත්ව සිටින මහේල ජයවර්ධන විසින් මෙම විශිෂ්ඨ ක්‍රීඩකයා වෙත විවෘත ලිපියක් යොමු කරමින් […]

යොවුන් ලෝක කුසලාන සත්කාරකත්වයට කුමක් සිදුවේවිද ?

ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් නොකළහොත් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මෙරටට අහිමි විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා අනතුරු අඟවා ඇත. පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට ICCයට අවශ්‍ය වූ නමුත් තමා එය වැළැක්වූ බව ද ඔහු පවසා ඇත. කෙසේ […]

ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට

2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ 9 වැන්නා ලෙසින් තරගාවලිය අවසන් කිරීමට සිදුවීම හේතුවෙනි. අද දිනයේදී පැවැත්වෙන බංග්ලාදේශ ඕස්ට්‍රේලියා තරගයේදී බංග්ලාදේශය ලකුණු 306ක් රැස්කළ අතර මෙම තරගය පරාජයට පත් වුවද ඔවුන්ගේ දළ ලකුණු වේගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය ඉක්මවා ගොස් […]

Back To Top