Category: National Cricket

පන්දුවට පහරදීමටත් පෙර ඇන්ජිලෝ දැවීගියේ ඇයි ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ Timed Out ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වන්නට ඇන්ජිලෝ මැතිව්ස්ට අද දිනයේදී සිදු වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන ලෝක කුසලාන තරගය අතරතුරයි. මෙම තරගයේදී සදීර සමරවික්‍රම දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසෙන ඇන්ජිලෝ මැතිව්ස් රැගෙන ආ හිස්වැසුමක් දෝෂ සහිත වූ අතර එය වෙනස් කිරීමට අවශ්‍ය වූ නිසාවෙන් කිසිදු පන්දුවකට මුහුණ […]

අපි මේ පාර එන්නෙ මේ ක්‍රිකට් එක හදලා අලුත් බ්‍රෑන්ඩ් එකක් හදන්න – අර්ජුන රණතුංග

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව අද දිනයේදී පත් කළ අතර එහි සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමිවිය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා සදහන් කොට ඇත්තේ වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවදානය යොමු කරන බවයි. ක්‍රීඩා ඇමතිතුමා සෑහෙන කාලයක් මේක දිහා බලන් ඉඳලා තමයි මේක පත් කරලා තියෙන්නෙ. මටත් වගකීමක් බාරදීලා තියෙනවා. වැඩි ප්‍රමණයක් මගේ […]

හෙට තරගයට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණයේ වෙනසක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අටවන තරගය හෙට දිනයේදී දිල්ලිහිදී පපැවැත්වීමට නියමිතය. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වී ඇති අතර ශ්‍රී ලංකාවට තවදුරටත් බලාපොරොත්තු රදවා ගැනීමට අවස්ථාව පවතී. හෙට දිනයේදී බංග්ලාදේශයට එරෙහි තරගය වෙනුවෙන් ආරම්භක පිතිකරු කුසල් ජනිත් කණ්ඩායමට කැඳවීමට නියමිතය. ඒ පෙර තරග දෙකෙහිදී […]

ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියත් කල්දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් මස 10 වනදා පැවැත් වීමට නියමිතව තිබුණි. නමුත් එය නොවැම්බර් මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කොට ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මේ වන විට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් ක්‍රීඩක වෙන්දේසිය කල්දැමීමට […]

බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගයට වායු දූෂණය හරස් වන ලකුණු ?

ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්‍රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටියි. නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හා තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතුයි – ක්‍රීඩා ඇමති

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පරාජයේ වගකීම තේරීම් කමිටුව හා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බවද ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත. ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නිකුත් කළ නිවේදනයක ඒ බව සටහන් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේවන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බවත් […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යවරයා, ජනපතිට ලිපි යවයි

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදුකරන කරන හිරිහැර හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික කටයුතුවලට බාධා එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකොට ඇත. ඒ ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉල්ලමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ මෑත කාලීන තරගාවලි කිහිපයකට ක්‍රීඩා අමාත්‍යාංශය සිදුකළ මැදිහත් වීම් පිළිබඳව සදහන් […]

පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලයි

ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති තරගය පරාජයට පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනස්සල්ල සහ සිය කලකිරීම ප්‍රකාශ කොට ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ මෙම ගැටළු සැලකිල්ලට ගනිමින්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි සහ පුළුල් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි. මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත දක්‍ෂතා […]

අපේ පිතිකරණ ලැයිස්තුවේ අඩුපාඩු කිහිපයක් තිබෙන බව මම විශ්වාස කරනවා – නවීඩ් නවාස්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී අවමන් සහගත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවුණා. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත “තරගය පරාජයට පත්වීම නිසැකවම කනස්සල්ලට කරුණක්. නමුත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැස්මක් ලෙස මම දකින්නේ නෑ. අපිට තරුණ […]

ශ්‍රී ලංකා නැගී එන පිළ පළමු ඉනීමේ තවත් ලකුණු 32ක් පිටුපසින්

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය තුන්වන දිනටත් අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෙවන දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 81ක් කොට සිටියහ. ඔවුන් අද දිනයේ දී තවත් කඩුලු 4ක් […]

වසර 12කට පසුව ලෝක කුසලාන කඩුලු 5ක අයිතිය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකුට.

එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් සිව්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට දිල්ශාන් මධුශංක අද දිනයේ දී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ලකුණු 80 ට කඩුලු 5ක් දවා ගනිමින්. ඒ අනුව 2011 වසරේ ට පසුව එක්දින කුසලානයක් තුළදී තුළදී කඩුලු 5ක් බිඳ හෙලූ පළමු ශ්‍රී ලංකා […]

Back To Top