Category: National Cricket

එංගලන්තය කඩුලු 4ක් අතැතිව ලකුණු 23ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමට පන්දුවට පහර දෙන එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා කඩුලු 4ක් අතැතිව ලකුණු 23කින් ඉදිරියෙන් සිටී. දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත පිල කඩුලු 6කට ලකුණු 259ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 236ට පිළිතුරු […]

වසර 2 කට පසු පැතුම් නිස්සංක ටෙස්ට් පිලට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ පා දග පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයට සහභාගිවීමෙන් අනතුරුව නිස්සංකට ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් පිතිකරුවකු […]

හර්ෂිතා – විශ්මි ශ්‍රී ලංකාව දිනවති

හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්නගේ කැපී පෙනෙන පිතිහරඹය හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45 කින් ලකුණු 86 ක් රැස් කර […]

ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ පෙරමුණට

ලකුණු 33 ක් ඇතුළත ජෙෆ්රි වැන්ඩර්සි විසින් ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීමත් මැද පෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (අද (04 දා) රාත්‍රියේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. අද ලද ජයග්‍රහණයෙන් කියැවෙනුයේ ඉදිරි තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් මෙම තරගාවලියේදී […]

ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි

ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන අද (17 දා) අවසන් කළේය. මෙම තරගයේ ජය හිමිවීමත් සමඟ ‘ඩී‘ කාණ්ඩයේ තෙවැනි කණ්ඩායම බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේය. ඒ අනුව එම කාණ්ඩය යටතේ […]

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 6ක විශිෂ්ට ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් විය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසෙන කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 47 එක් පන්දුවකදී සියලු දෙනා […]

Back To Top