Category: Cricket

නවසීලන්ත ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලියට දින නියම වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි වල කාලසටහන් අද දිනයේදී ප්‍රකාශයට පත් කොට තිබෙනවා. නවසීලන්ත කණ්ඩායම තරග 2කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සහ තරග 3කින් යුතු එක්දින තරගාවලියක් වෙනුවෙන් එළඹෙන නොවැම්බර් මස මෙරටට පැමිණීමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ පල්ලෙකැලේ […]

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයන් ගොන්නකින් ලෝක කුසලානය අවසන් කරයි

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගය අද දිනයේදී පැවැත්වුණා. සාජාහිදී නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා. ශ්‍රී ලංකා ඉනීමේ පළමු කඩුල්ල ලෙසින් විශ්මි ගුණරත්න ලකුණු 8කට දැවී යද්දී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18ක් රැස්කිරීමට සමත් වුණා. […]

දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වෙයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පිට පිට තෙවන තරගයත් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවුණා. තරගාවලිය පුරාවට දක්නට ලැබුණු දුර්වල පිතිහරඹය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයත් ශ්‍රී ලංකාව ලකුණු 82කින් පරාජයට පත් වුණා. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ අසල්වැසි ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට […]

නිත්‍ය පුහුණුකරු ලෙස සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව ඔහු මෙම වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා සිට 2026 වසරේ මාර්තු 31 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කරනු ඇති.සනත් ජයසූරිය මහතා තාවකාලික පුහුණුකරු ලෙස පත් […]

ආසියානු ශූරියන් පිට පිට දෙවන තරගයත් පරාජයට පත් වෙයි

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරඟය අද සාජා හිදී පැවැත්වුණා. ඒ පසුගිය වර ලෝක ශූරියන් ලෙසින් කිරුලු දැරූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. මෙම තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පිත්ත අතට ගන්නට තීරණය කළා. නමුත් පෙර තරගයේදී මෙන්ම අද දිනයේත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු […]

ආසියානු ශූරියන්ගේ ලෝක කුසලාන ගමන පරාජයකින් ඇරඹෙයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය වෙනුවෙන් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග බිමට අවතීර්ණ වුණා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. සාජා හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස තුළ සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට […]

Back To Top