Category: Cricket

පාසල් 22කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දිවයින පුරා පාසල් 22කට පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීම සිදු කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා හැරීම සිදු විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් […]

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුලත්ය. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කෝටි 4.8කට මුම්බායි කණ්ඩායමට අලෙවි වූ නුවන් තුෂාර ද මෙවර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වී ඇත. එමෙන්ම පැතුම් නිස්සංක යෝග්යතා […]

බ්‍රැඩ්මන්ට පසුව ඕස්ට්‍රේලියාව බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩකයා කමින්ස් වේවි – මයිකල් වෝන්

ඩොන් බ්‍රැඩ්මන්ගෙන් පසු ඔස්ට්‍රේලියාවේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා පැට් කමින්ස් බවට පත්වනු ඇතැයි මයිකල් වෝන් අනාවැකි පළ කොට ඇත. පැට් කමින්ස් පසුගිය වසර අති සාර්ථක වසරක් බවට පත් කරගත්තේ, ICC කුසලාන දෙකක්(ලෝක ටෙස්ට් ශූරතාවලිය මෙන්ම ලෝක කුසලානය) දිනාගත් පළමු නායකයා බවට පත් වෙමිනි. කමින්ස් වසර අවසන් කළේ පාකිස්තානයට එරෙහිව මෙල්බර්න්හිදී පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයේදී 5-48ක් […]

ධනුෂ්ක ගුණතිලක බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙනුවෙන් ගිවිසුම්ගතවී ඇත. ඒ අනුව ඔහු එළඹෙන තරගවාරය වෙනුවෙන් Durdanto Dhaka කණ්ඩායම සමගින් ගිවිසුම්ගතවී ඇත 32 හැවිරිදි වියෙහි පසුවන ධනුෂ්ක ගුණතිලක අවසන් වරට විස්සයි විස්ස තරගයකට ක්‍රීඩාකොට ඇත්තේ 2022 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දීය. විස්සයි විස්ස තරග 130කට ක්‍රීඩා කොට ඇති ධනුෂ්ක ලකුණු […]

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර විස්සයි විස්ස තරගාවලිය දඹුල්ලේදී

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ කාලසටහන නිකුත් කොට ඇත. ඒ අනුව එක් ටෙස්ට් තරගයක් එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් මෙම තරග සංචාරයට ඇතුළත් වී ඇත. තරග සංචාරය ආරම්භ කරමින් ටෙස්ට් තරගය පෙබරවාරි මස 2 වනදා සිට 6 වනදා තෙක් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී […]

ඉන්දියාවේ ක්‍රීඩකයෙකු අවුරුදු 12න් පළමු පෙළ ක්‍රිකට් පිටියට පය තබයි

බිහාර් ක්‍රීඩක වයිභව් සූර්යවංශී පසුගිය සිකුරාදා (ජනවාරි 5) දින මුම්බායි කණ්ඩායමට එරෙහිව සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළේය. ඔහු පළමු පෙළ වරම් දිනා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 12 යි දින 284 විය. ඔහු ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වූයේ පළමු පෙළ තරග ක්‍රීඩා කළ 4 වැනි ලාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වෙමිනි. පළමු පෙළ […]

හෙන්රිච් ක්ලාසන් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු හෙන්රිච් ක්ලාසන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ. ක්ලාසන් දකුණු අප්‍රිකාව සඳහා සීමිත පන්දුවාර ආකෘතිවලින් දිගටම ක්‍රීඩා කරනු ඇත. ක්ලාසන් 2019 සහ 2023 අතර ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කළ අතර අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි. ඉන්දියාවට එරෙහිව පැවැති අලුත් අවුරුදු ටෙස්ට් තරගයෙන් ඩීන් එල්ගාර්ගේ […]

වනිදු අද තරගයට ක්‍රීඩා කරන ලකුණු ?

ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද දිනයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බව තොරතුරු වාර්තා වී ඇත. වනිදුගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් මට්ටමක පවතින බැවින් අද තරග වෙනුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට හැකි බවට වෛද්‍ය මණ්ඩලය තහවුරු කොට ඇතැයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග තහවුරු කොට ඇත. වනිදු හසරංග […]

නුවන් තුෂාර තවත් ලීගයකට ගිවිසුම් ගතවෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර එළඹෙන දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගය වෙනුවෙන් ද මුම්බායි කේප්ටවුන් කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී ඇත. එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්‍රා ආචර් වෙනුවට නුවන් තුෂාර මෙලෙසින් මුම්බායි කේප්ටවුන් කණ්ඩායම සමගින් ගිවිසුම්ගතවී ඇත පසුගිය දා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට මුම්බායි […]

මම පන්දු යවපු අමාරුම පිතිකරුවා තමයි ෂෙවාග් – මුත්තයියා මුරලිදරන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගෙ සිය ක්‍රිකට් දිවිය තුළ තමන් පන්දු යැවූ අසීරුම පිතිකරුවා පිළිබඳව හෙළිදරව්වක් කොට ඇත. ඒ අනුව මුරලි විසින් දුෂ්කරතම පිතිකරු ලෙසින් නම් කොට ඇත්තේ හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග් ය. එමෙන්ම මුත්තයියා මුරලිදරන් වැඩිදුරටත කියා සිටියේ තමන් ‘ඉතා අගය කළ’ පිතිකරුවා බටහිර ඉන්දීය කොදෙව් ජාතික […]

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අතහැර දමයි

සංචාරක සිම්බාබේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් […]

Back To Top