Category: Cricket

ශ්‍රී ලංකා A කණ්ඩායම පසිදු සූරියබණ්ඩාර සහ නුවනිදු ප්‍රනාන්දු යටතට

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන නිළ නොවන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. නිළ නොවන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ නායකත්වය පසිදු සූරියබණ්ඩාරට හිමි වී තිබෙනවා. සීමිත පන්දුවාර සංචිතයේ නායකත්වය හිමි වී ඇත්තේ නුවනිදු ප්‍රනාන්දුටයි. සිව්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට වේගපන්දු යවන […]

අගමැතිනිය සහ ICC නිලධාරීන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නිලධාරීන් අතර හමුවක් අද දිනයේදී පැවැත්වුණා. එම හමුවට අභිනවයෙන් පත්වූ ජාත්‍යන්තර ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ සභාපති සුමති ධර්මවර්ධන මහතා ද සහභාගි වුණා. පසුගිය වසර 7ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණයට එරෙහිව අත්කොටගෙන ඇති ප්‍රගතිය, මෙම හමුවට සහභාගි වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් […]

ලංකා T10 සුපර් ලීගය මහනුවරට

පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරගාවලිය මහනුවර දී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් මස 22 වනදා දක්වා පැවැත්වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගි වෙයි. කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාර්වල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, නිගම්බු බ්‍රේව්ස් […]

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත ප්‍රවේශපත්‍ර ලබන හය වනදා සිට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරගාවලිය ලබන නම වැනිදා ආරම්භ වීමට නියමිතයි.20/20 තරඟ දෙකක් සහ එක්දින තරග තුනක් තරගාවලියට ඇතුළත්. තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ක්‍රමවේදය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද මාධ්‍යයට නිකුත් කළා. එම ප්‍රවේශපත්‍ර ලබන හය වනදා සිට මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා.ඒ www.srilankacricket.lk වෙබ් අඩවියට […]

ඕස්ට්‍රේලියාවට පහසු ජයක්

සංචාරක පකිස්ථාන කණ්ඩායම සමග පැවති පළමු එක් දින තරගය ඕස්ට්‍රේලියාව ජය ගත්තා. තරගය පැවැත්වුණේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම පන්දු වාර 46.4 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කල ලකුණු සංසංඛ්‍යාව 203 ක්. මොහොමඩ් රිස්වාන් ලකුණු 44 ක් ලබා ගත්තා. නසීම් ෂා ලකුණු 40 යි. පන්දු යැවීමේදී මිචල් ස්ටක් කඩුලු 3ක් බිඳ […]

ටෙස්ට් විශේෂඥයන් කිහිපදෙනෙකු කල්වේලා ඇතුවම දේදුනු දේශයට

ෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු එළඹෙන නොවැම්බර් 12වනදා දකුණු අප්‍රිකාව බලා පිටත් […]

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයේ වෙනසක් නොවන ලකුණු

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා කොදෙව් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයම නම් කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇත. නමුත් එක්දින තරගාවලියේදී වෙනස්කම් කිහිපයක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බවට ද තොරතුරු වාර්තා වී ඇත. ඊට හේතුව වනුයේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ තීරණාත්මක දකුණු අප්‍රිකානු තරගාවලිය එක්දින තරගාවලියෙන් පසුව […]

ශ්‍රී ලංකාවට ICC කාන්තා තරගාවලියක සත්කාරකත්වය හිමිවෙයි

2027 වසරේදී කාන්තා Champions Trophy තරගාවලියක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත.සෑම වසරකම අවම වශයෙන් එක් කාන්තා ගෝලීය තරඟාවලියක් පැවැත්වීමේ උපායමාර්ගික සැලැස්මේ කොටසක් ලෙස මෙම තරගාවලිය පැවැත්වෙයි. විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය 2027 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම නව තරගාවලියට කණ්ඩායම් හයක් ඇතුළත් වන අතර තරග 16කින් සමන්විත […]

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙහි ශූරතාව හිමිකරගත්තේ, 2007 වසරෙන් පසුවයි‍. තරගාවලිය දින තුනක් පුරා පැවැත්වුණේ, හොංකොං හි මිෂන් රෝඩ් ක්‍රීඩාංගනයේදී.අවසන් තරගයට ශ්‍රී ලංකාව සහ පකිස්තානය සුදුසුකම් ලබා තිබුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලහිරු මදුසංක තීරණය කළේ, පකිස්තානයට පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදීමටයි. ඒ අනුව […]

ඉන්දියාව නවසීලන්තය හමුවේ අසරණ වෙයි

ඉන්දියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. නවසීලන්තය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. මේ අතර නවසීලන්තය ටෙස්ට් තරගාවලියක පූර්ණ ජයග්‍රහණයක් ඉන්දියාවට එරෙහිව වාර්තා කළේ පළමු වරට වීම විශේෂත්වයක්. ඉන්දියාවේ වන්කඩේ හිදි පැවැති 3වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දින තුනකදී ජැග්‍රහණය කිරීමට නවසීලන්තය […]

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දෙවැනි අවසන් පූර්ව තරගයට

‘හොංකොං සික්සස්’ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයටයි, අද සහභාගී වුණේ. ඒ, නේපාල කණ්ඩායම සමග. හොංකොංහි මිෂන් රෝඩ් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, […]

ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුව ශ්‍රී ලාංකිකයෙක්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන සුමති ධර්මවර්ධන මහතා පත්කොට තිබෙනවා. වසර 14කට පසු එම භූමිකාවෙන් විශ්‍රාම ගත් ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් වෙනුවට ධර්මවර්ධන මහතා පත් කොට තිබෙනවා. ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස සේවය කොට තිබෙනවා. තවද ඒ මහතා ජාත්‍යන්තර පොලිසිය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ […]

Back To Top