Category: News

කොවිඩ් අවධානම හේතුවෙන් IPL තරගාවලිය කල් දැමෙයි.

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇත. එරට ක්‍රිකට් පාලක මණ්ඩල උපසභාපති රජීව් ශුක්ලා මේ බව ඉන්දීය මාධ්‍ය හමුවේ තහවුරු කොට ඇත. දාහතරවන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙලෙස නවතා කල් දැමීමට සිදුවූයේ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත ක්‍රීඩකයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමගය. දිල්ලි කැපිටල්ස් ක්‍රීඩක අමිත් මිශ්‍රා හා සන්රයිසස් හයිද්‍රාබාද් […]

ජාත්‍යන්තර පිටියට සමුදුන් තිසර

[vc_row][vc_column][vc_column_text]තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශයට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයින්ට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ ඉඩ ප්‍රස්ථාව විවර කර දීමේ අරමුණ ඇතිව තමන් එම තීරණයට එළැඹි බවත්, ඒ සඳහා වන සුදුසුම කාලය මෙය බවත් ලිපියක් මගින් ශ්‍රී […]

බංග්ලාදේශයට ‘පාරාවළල්ලක්’ වුණු ප්‍රවීන්ගේ ‘සරළ’ පන්දුව ගැන දිමුත් කියපු කතාව

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 209 කින් ජය ගත්තේය. ඒ සමඟම දෙරට අතර ටෙස්ට් තරගාවලියද 1-0 ක් වශයෙන් ශ්‍රී ලංකාවට ජය හිමිවිය. මෙම තරගාවලි ජයග්‍රහණය එක් අතකින් ශ්‍රී ලංකාවට සුවිශේෂී ජයග්‍රහණයකි. ඒ මන්ද යත් 2018 වසරේ සිට මේ දක්වා වූ වසර 3 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිම තුළදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබාගැනීමට අපොහොසත්වීම හේතුවෙනි. […]

කොවිඩ් අවධානම නිසා ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර තරගය කල් යයි

[vc_row][vc_column][vc_column_text]පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මැයි මස 04 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ටීම් ශ්‍රී ලංකා අතර පන්දුවාර විස්සයි-20 තරගය පැවැත්වීමට සැලසුම් කර පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී සිටියි. රටේ පවිත්න සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහත තීරණයට එළැඹ තිබේ. කොවිඩ් – 19 […]

බංග්ලාදේශ දෙවැනි ඉනිම අමාරුවේ දැම්ම හැටි ගැන රමේෂ් කළ හෙළිදරව්ව

[vc_row][vc_column][vc_column_text]දෙවැනි ටෙස්ට් තරගයේ පස්වැනි දවසට අවතීර්ණ ව සිටියි. ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව වන්නේ බංග්ලාදේශයේ ඉතිරි කඩුලු 5 පමණි. එය බංග්ලාදේශයට සංසන්දනය කරද්දී ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ ලකුණු 260 ක් පමණි. ගැටලුවකට ඇත්තේ කණ්ඩායමේ නම් දැරූ ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනාම සිව්වැනි දිනයේදීම නරඹන්නන් බවට පත්ව සිටීමයි. බංග්ලාදේශ කණ්ඩායමට ඇති එකම අස්වැසිල්ල වන්නේ කඩුලු රකින්නා වන ලිටන් […]

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය පෙනෙන මානයට

[vc_row][vc_column][vc_column_text]ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 437 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 5 ම සිව්වැනි දිනය අවසන් වීමට මත්තෙන් දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම සමත්වූහ. අයහපත් ආලෝක තත්ත්වය තරගයට බාධා පැමිණෙන විටත් බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5 කට ලකුණු 177 ක් ලෙසින් සටහන් විය. තවත් පන්දුවාර 12 ක් ඉතිරිව තිබියදී සිව්වැනි […]

ශාන්ත ජෝසප් විද්‍යාලය පාසල් ක්‍රිකට් ශුරයින්

[vc_row][vc_column][vc_column_text]අද දිනයේදී (1) අවුරුදු 19න් පහළ සීමිත ඕවර පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්විණි. අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුනේ අපරාජිත කොළඹ රාජකීය විද්‍යාලය හා පෙරලිකාර මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයයි. කෙසේනමුත් ප්‍රභල රාජකීය විද්‍යාලීය කණ්ඩායම පරදවා ලකුණු 97ක ජයක් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය. තරගය පැවැත්වූයේ කොළඹ NCC ක්‍රීඩාංගනයේදීය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝසප් […]

ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI සහ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් නම් කරයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ‘ටීම් ශ්‍රී ලංකා’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය සඳහා වදිනු ලබන කණ්ඩායම් පහත පරිදි වේ. කොවිඩ්-19 අරමුදලට ආධාර පිණිස පවත්වනු ලබන මෙම තරගය එළැඹෙන මැයි 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ප.ව. 7.00 […]

ප්‍රවීන්ගේ වාර්තාගත පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව ලකුණු 242 කින් පෙරට

[vc_row][vc_column][vc_column_text]තම පළමු ටෙස්ට් තරගයේදීම වාර්තාගත පන්දු යැවීමක නිරත වුණු ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 92 ක් ඇතුළත බංග්ලාදේශ පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීම නිසා බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 242 ක වාසියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (මැයි 01දා) හැකියාව ලැබිණ. පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 493 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පළමු […]

ශ්‍රී ලංකාවේ ඉලක්කයට කාලගුණය හරස් වෙයි

[vc_row][vc_column][vc_column_text]පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ලකුණු රැස් කිරීමේ වේගයට වඩා සාපේක්ෂව වඩාත් මන්දගාමී වුණු දෙවැනි දිනයේදී ද පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණය මත නියමිත වේලාවට පෙර තරගය නවතා දමන විට කඩුලු 6 ක් දැවී ලකුණු 469 ක් ලබාගෙන සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ දෙවැනි දිනය තුළදී ලකුණු 600 ක් ලබා ගැනීම වුවත් […]

ශතකය අහිමිවීම ගැන ඕෂද ‘කනස්සල්ලෙන්’

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින අවසනදී රූපවාහිනී සාකච්ඡාවකට එක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවේ ඉලක්කය ලකුණු 600 ක් ලබා ගැනීම බවයි. ඔහුගේ ප්‍රකශය වඩාත් සාධාරණීය තත්ත්වයක වූයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 291 ක් ලබා සිටි බැවිනි.  එම බලාපොරොත්තුව සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් දෙවැනි දිනය ඇරැඹූ […]

ටෙස්ට් කණ්ඩායමේ ‘කෝඩුකාරයා’ – ප්‍රවීන් ජයවික්‍රම

[vc_row][vc_column][vc_column_text]රවීන් ජයවික්‍රම. නම ඇසුණු විට ටිකක් කනට නුහුරුයි තමයි. ඒත් එයා තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්ත ‘කෝඩු කාරයා’ කියලා කිව්වොත් නිවැරදියි. බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ප්‍රවීන්ගේ මංගල ටෙස්ට් තරගය වුණා. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී ප්‍රවීන්ට හිමි කැප් තොප්පිය ලබා දුන්නෙ ළහිරු තිරිමාන්න. ඒකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ දෙන්නම මොරටු […]

Back To Top