ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ විධායක කමිටුව විසින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් ඇගයීමට ලක් කොට ඇත. ඒ අනුව අද සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා සහ පුහුණුකරුවන් දෙදෙනෙක් පිළිගැනීම වෙනුවෙන් උත්සවයේ පැවති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, […]
පාකිස්තාන තේරීම් කමිටු සභාපති ධූරය වහබ් රියාස්ට
පකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාතික කණ්ඩායමේ, තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේ වගකීම වහබ් රියාස්ට පැවරෙනු ඇත. රියාස් කණ්ඩායමේ ප්‍රධාන තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව ඔහු විසින් පෙර කටයුතු කළ ක්‍රීඩා අතුරු උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත. […]
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICC රැස්වීමේ ප්‍රධාන මාතෘකා අතරට
ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය සහ සමහර පූර්ණ සාමාජික රටවල් ඉලක්ක කරගත් ඉහළ කාර්ය සාධන වැඩසටහනක් පැවැත්වීම යන කරුණු අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ICC මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට නියමිත බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ලෝක කුසලාන අවසන් තරඟයෙන් දින දෙකකට පසුව එනම් අඟහරුවාදා දිනයේදී ICC මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය. පසුගිය […]
පාකිස්තාන තේරීම් කමිටුව ගෙදර යවන්නට බළධාරීන් තීරණය කරයි
ඉන්දියාවේ පැවති ICC ලෝක කුසලාන තරඟාවලියේදී තම කණ්ඩායම බලාපොරොත්තු සුන් කරවන ආකාරයෙන් ක්‍රීඩා කිරීමෙන් පසු එරට ජාතික තේරීම් කමිටුව ඉවත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇති බව වාර්තා පළ වී ඇත. බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන කණ්ඩායම තරඟාවලියේදී ලද පරාජයන් හමුවේ PCB හි අර්බුදකාරී තත්වයක් ආරම්භ විය. ඉන් අනතුරුව තේරීම් කමිටු ප්‍රදානී ඉන්සමාම් […]
පාකිස්තානය නව පුහුණුකරුවෙක් යටතේ ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත තරගාවලියට ?
එළැඹෙන ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත සංචාරය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව ESPNcricinfo වාර්තා කරයි. ESPNcricinfo ට අනුව, පාකිස්තාන ක්‍රිකට් පාලල මණ්ඩලය විසින් කණ්ඩායම් අධ්යක්ෂ ධූරය සහ ප්‍රධාන පුහුණුකරු තනතුර ඒකාබද්ධ කර ඇත. හෆීස් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ටෙස්ට් තරග තුනේදී සහ නවසීලන්තයේ දී පිළිවෙළින් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී […]
ලෝක ශූර ආජන්ටිනාව, උරුගුවේ හමුවේ පරාජය වද්දී බ්රසීලයටත් අනපේක්ෂිත ප්‍රහාරයක්
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ දකුණු ඇමරිකානු කලාපයේ තරග මේ දිනවලදී ක්‍රියාත්මකයි. එම තරගාවලියේ ඊයේ දිනයේ දී පැවති තරග 2කින් ජයග්‍රහණය වාර්තා කිරීමට උරුගුවේ කණ්ඩායම හා කොලොම්බියා කණ්ඩායම් සමත් විය. ඒ වත්මන් ලෝක ශූරයන් වන ආජන්ටිනාව හා බ්‍රසීලය පරාජයට පත් කරමින්. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයෙන් බ්‍රසීලයට එරෙහිව ගෝල 2-1 ක විශිෂ්ට ජයක් […]
විරාට්ගේ වාර්තා අර්ථදක්වන්න විශේෂණ පද නෑ – හිටපු නායක සව්රව් ගංගුලි
නවසීලන්තයට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී විරාත් කෝලි එක්දින ශතක 50 කඩයිම පසුකළ අතර ඒ සම්බන්ධයෙන් හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි ප්‍රශංසා කොට ඇත. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශතක 50ක් රැස් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට කෝලි සමත් වූයේ සචින් තෙන්ඩුල්කාර් අභිබවා යමිනි. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධානියෙකු වන […]
වසරේ මළල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, අවසන් තරගකරුවන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ
2023 ලෝක මලල ක්‍රීඩා සම්මාන සඳහා නිර්දේශිත අවසන් තරඟකරුවන් හා තරග කාරිනියන් පස් දෙනාගේ නම් ප්‍රකාශයට පත් කොට ඇත. මළල ක්‍රීඩා පිටිය තුළ වසර පුරාවට නව වාර්තා පිහිටුවමින් විශිෂ්ට දස්කම් පෑ ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු මෙලෙසින් අවසන් ලැයිස්තුවට ඇතුළත් වී ඇත. එම එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙවුණු වසරේ දැක්වූ දක්ෂතා පහත පරිදිය ක්‍රීඩකයන්Neeraj Chopra […]
ඓතිහාසික සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන කලාපයක් චමරිගේ නමට
එළඹෙන නොවැම්බර් 26 වන දින සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය සදහා සඳහා සිඩ්නි ක්‍රිකට් පිටියේ විශේෂයෙන් කැපවූ ආසන කලාපයක් වන හඳුන්වා දෙන බව සිඩ්නි තන්ඩර් කණ්ඩායම නිවේදනය කොට ඇත. ඒ අනුව එම ආසන කලාපය ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නමින් නම් කෙරෙන අතර එය ‘Chamari Bay’ ලෙසින් නම් කොට ඇත. බහු සංස්කෘතික ක්‍රිකට් […]
එක්දින පිටියේ නීති වෙනස් විය යුතු බව හිටපු ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකු කියයි
එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි. සචින් තෙන්ඩුල්කාර් වත්මන් යුගයේ ක්‍රීඩා කළේ නම් ඔහු ලකුණු හා ශතක සංඛ්‍යාව දෙගුණයක් වීමට ඉඩ තිබූ බව සනත් ජයසූරිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2011 වසරේ දී තණතීරුවේ දෙපැත්තෙන්ම පන්දුවක් ලබා දීමේ නීතිය […]
හිටපු ප්‍රබලයෙක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධූරයට
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මොහොමඩ් හෆීස්, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා. මොහොමඩ් හෆීස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 55කට, එක්දින තරග 218කට සහ විස්සයි20 තරග 119කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 12,780ක් ලබාගෙන කඩුලු 253ක් දවාගෙන තිබෙනවා. හෆීස් මේ වන විට පාකිස්තාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර, හෆීස් 2017 වසරේ […]
ඉන්දු නවසීලන්ත අවසන් පූර්ව තරගයට මන්දගාමී තනතීරුවක් ලැබෙන ලකුණු ?
නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගය සඳහා මන්දගාමී තණතීරුවක් බලාපොරොත්තු වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් කළමනාකාරීත්වය ක්‍රීඩාංගණ භාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ වන්කඩේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන මතුපිට තණකොළ ඉවත් කරන ලෙසටයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශීය ක්‍රීඩාංගණ භාරකරුවන් විසින් ලෝක කුසලාන තරඟාවලියේ තණතීරු බලාගැනීම සඳහා දේශීය සංවිධායක කණ්ඩායමක් […]