ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ “විනිසුරු චිත්‍රසිරි කමිටු” වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාර දුන්නේය. එමගින් නිර්දේශ කර ඇත්තේ, ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවයි. එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළු විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. […]
මම සහභාගී වුන ලෝක කුසලාන වල වැඩියෙන්ම ට්‍රැවල් කරපු ලෝක කුසලාන තරගාවලිය මෙක ” ඇන්ජලෝ මැතිව්ස්
රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කමක්
ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග අද දිනයේදී සමත් විය. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වෙමින්. ඔහු එම ඉසව්වේ දී රන් පදක්කම දිනාගැනීමට සමත් විය. දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට රුමේෂ් තරංග සමත් විය. ඔහු විසින් […]
සාන්ත පීතර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව දැවැන්ත ජයක් ලබයි.
අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්විණි. එම තරග අඅතුරින් කැපී පෙනෙන තරගය බවට පත් වූයේ සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයයි. මෙම තරගයේදී ලකුණු 112-0ක් ලෙසින් අති විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඔවුන් මෙම තරගයේ පළමු අර්ධය තුළදී උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්ථන 5ක් සමගින් […]
නදීශා දිල්හානි ලෝකඩ පදක්කමක් දිනයි
දකුණු කොරියාවේ දී පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ක්‍රීඩිකා නදීශා දිල්හානි ලේකම්ගේ අද දිනයේදී සමත් විය. ඇය එම ඉසව්වේ දී මීටර් 57.94ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. එම ඉසව්ව වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඩයනා මධුවන්ති මීටර් 48.46ක දක්ෂතාවක් දක්වමින් හත්වන ස්ථානය හිමිකරගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 6ක විශිෂ්ට ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් විය. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසෙන කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 47 එක් පන්දුවකදී සියලු දෙනා […]
විද්‍යාර්ථයින්ගෙන් සාන්ත ජෝසප් වරුන්ට ප්‍රහාරයක්
ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී ප්‍රභල සාන්ත ජෝසප් විද්‍යාලය පරාජයට පත් කරමින් තියුණු ජයක් ලබන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය රග්බි කණ්ඩායම අද දිනයේදී සමත් විය. තරගාවලියේ සමාරම්භක තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ලකුණු 22ට 27ක් ලෙසින් ලකුණු 5ක තියුණු ජයක් හිමිකරගන්නට විද්‍යර්ථ ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණි අතිශය […]
කොදෙව් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිළට ක්‍රීඩිකාවන් 16ක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා. චමරි අතපත්තුගේ නායකත්වය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16ක් ඇතුළත් වී තිබෙනවා. විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා පිතිකාරිණියන් මෙම ක්‍රීඩිකාවන් 16 අතරට ඇතුළත් වද්දී ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝදනී පන්දු […]
ඇමෙරිකාවේ තණතීරුවල පිතිකරුවන්ට පහරදෙන්න අමාරුයි – නුවන් තුෂාර
අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිත පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නුවන් තුෂාර මේ බව පැවැසීය.විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ […]
බංග්ලාදේශයට කඩුලු 2ක ජයත් සමග ශ්‍රී ලංකාවට අවසන් වටයට බලාපොරොත්තු අඩු වෙයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට එක්වීමේ බලාපොරොත්තු පොදි බඳිමින් ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහි තරගයේදී කඩුලු 2කින් පරාජයට පත්විය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවන් අද පෙරවරු 6.00ට ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී […]
ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක් අභියස – අපි සූදානමින් – කණ්ඩම්බි
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (08 වැනිදා පෙ.ව. 6.00 ට ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙරට අතර ඉතිහාසයේ විස්සයි-20 ජාත්‍යන්තර තරග 16 ක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 11 කදී ජය වාර්තා කරමින් වැඩි […]
ශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණයට හේතුව ගැන අයි.සී.සී.යෙන් පැහැදිළි කිරීමක්
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදි ක්‍රීඩාංගණය වන නාසු කවුන්ටි ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන ඇත. නිවේදනයක් නිකුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳව සදහන් කර තිබේ. මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77 කට සීමා වූ අතර එය හඹා යෑමේදී දකුණු […]