සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද දිනයේදී ආරම්භ විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර හට ටෙස්ට් වරම් හිමි විය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් හිස්වැසුම පළදි 165වන ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට්ව්වරම් ලාභී ලැයිස්තුවට ඇතුළත් විය. 24 හැවිරිදි චාමික පළමු පෙළ ක්‍රිකට් පිටිය තුළ මේ […]
ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් අතහැර ෆෙරාරි වෙතට
ලුවිස් හැමිල්ටන් 2025 තරගවාරය සඳහා ෆෙරාරි සමගින් එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. හත් වරක් ෆෝමියුලා වන් ශූරයා ලෙසින් කිරුලු දැරූ ලුවිස් හැමිල්ටන් 2025 තරග වාරයේ සිට මර්සිඩීස් අත් හැර ෆෙරාරි සමගින් එක්වනු ඇත. හැමිල්ටන් 2025 වාරයේදී චාල්ස් ලෙක්ලර්ක් සමඟ එක්ව තරග කිරීමට නියමිත බව BBC වාර්තා කොට ඇත. 39 හැවිරිදි ඔහු පසුගිය […]
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික මහා සභාරැස්වීම ශ්‍රී ලංකාවේ දී
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් විය. එමෙන්ම මෙරටට අහිමි වීමට තිබූ ICC වාර්ෂික මහ සභා සමුළුව 2024 ජූලි මස 19 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ICC ය තීරණය කර ඇත. ක්‍රීඩා […]
Asian Legends ලීගයට දින නියම වෙයි
World Sports Group පළමු වරට සංවිධානය කරන Asian Legends ලීග් තරගාවලිය පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ දිනයේ සිදුවිය. විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් රටවල් 5ක් නියෝජනය කරමින් පැරණි ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ලයන්ස්, ඇෆ්ගනිස්ථාන් පතාන්ස්, බංග්ලාදේශ් ටයිගර්ස්, පාකිස්තාන් ස්ටාර්ස් හා ඉන්දියන් රෝයල්ස් යන කණ්ඩායම් […]
ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතයට නවකයන් තිදෙනෙක්
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 16කින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ඇතුළත් වී ඇත. එමෙන්ම මෙම සංචිතයට අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ දස්කම් පෑ […]
අවසන් වූ IPL තරගාවලියේ දී දෝනි තමාට දුන් අවවාදයක් ගැන මහීෂ් සිහිපත් කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ජාත්‍යන්තර ලීග් T20 තරගාවලිය අතරතුරදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ 2023 IPL අවසන් තරඟයෙන් පසු සිදුවීමක් විස්තර කළේය. MS දෝනි සිදුකළ ප්‍රකාශය තීරණාත්මක බව මහීෂ් සදහන් කොට ඇත. ” අවසන් මහා තරගයෙන් පසු මටයි මතීෂටයි යන්න වුණා. අවසන් තරගයෙන් පසු පැවති සාදයෙන් අනතුරුව පිටත්ව යාමට […]
ආසියානු ක්‍රිකට් මුල් පුටුව යළිත් Jay Shah ට
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පිට පිට තෙවන වරටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් වී ඇත. ෂාගේ සේවා දිගුව දෙවන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් යෝජනා කරන ලද අතර බාලි හිදී පැවති වාර්ෂික සම්මලේනයේදී එම යෝජනාව ඒකමතිකව සම්මත විය. ජේෂා සභාපති ධූරය දරන සමයේදී ආසියානු ක්‍රිකට් කවුන්සලය මගින් 2022 […]
පුහුණුවීම් වෙනුවෙන් සමර්සෙට් කණ්ඩායම ශ්‍රී ලංකාවට
සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් උණුසුම් කාලගුණික ක්‍රිකට් පුහුණුවක් ලබා ගැනීම සඳහා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ප්‍රධාන පුහුණුකරු, ජේසන් කෙර් පැවසුවේ, හොඳ පරිසරයක් තුළ දැඩි පුහුණුවක් සිදු කිරීම සඳහා කණ්ඩායම සති දෙකක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බවයි. ” ශීත ඍතුවේ දී තණකොළ මත පුහුණු වීමට හැකි වීමයි කදිම අවස්ථාවක්, නමුත් පිරිවැය […]
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 2වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගය නොමිළේ නැරඹීමේ අවස්ථාවක් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ගේට්ටු අංක 4 හා 9 ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුලු වීමේ අවස්ථාව හිමි වනු ඇත. ටෙස්ට් […]
සුපිරි හය වටයේ තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකාවට පරාජයක්
වයස අවුරුදු දහනමයෙන් පහළ එදින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරඟය අද දිනයේදී පැවැත්වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසිය වයසේ දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 231ක් […]
ජේ ෂා ICC සභාපති ධූරයට තරග කිරීමට සැරසෙයි
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා නොවැම්බර් මාසයේදී ICC සභාපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවෙයි. දැනට, එම තනතුර නවසීලන්තයේ ග්‍රෙග් බාර්ක්ලේ සතු අතර ඔහු 2020 නොවැම්බර් මාසයේ සිට ICC සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ජේ ෂා තේරී පත් වුවහොත්, ඔහු එන් ශ්‍රීනිවාසන් සහ ශෂාන්ක් මනෝහර්ට […]
ලංකා ආරියදාස ඩකා මැරතන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගනී.
බංග්ලාදේශයේ පැවැති 5 වැනි ඩකා මැරතන් තරගයේ කාන්තා අංශයේ 3 වැනි ස්ථානය දිනාගැනීමට ලංකා ආරියදාස සමත් විය. ඇය මෙම තරගය නිමාවට පත් කළේ පැය 2 මිනිත්තු 55 තත්පර 28ක කාලයකිනි. මෙම තරගයේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා S.N. නිදර්ශනීටයි. ඇය මෙම තරගය පැය 3 තත්පර 54කදී නිමාවට පත් කළාය. ලංකා ආරියදාසට ටකා […]